මම නැතත්! ඔබේ අපරාධ වෙන කෙනෙකු ලෝකයට හෙළි කරාවි-ප්‍රවෘත්ති නිවේදිකා සහාර් එමානි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වන ලෙස එහි සිටින සියලුදෙනාට අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබෙනවා.

සමාජ මාධ්‍ය ගිණුමක තබන ලද සටහනක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මේ බව සඳහන් කරනවා.

එම දැනුම්දීමෙන් සුළු වේලාවකට පසුව ටෙහෙරාන් අගනුවරින් පිපිරීම් හඬක් ඇසුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙම ගැටුම් තවදුරටත් වර්ධනය විම පෙන්වමින් ඊයේ ඉරානයේ රාජ්‍ය ප්‍රවෘත්ති නාලිකාවක මැදිරි සංකීර්ණයකට ඊශ්‍රායලය ප්‍රහාරයක් එල්ල කර තිබු අතර ප්‍රවෘත්ති නිවේදිකා සහාර් එමානි ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේ මෙම ප්‍රහාරය එල්ල වුවා.

එම ප්‍රහාරය එල්ලවන ආකාරය එම අවස්ථාවේ කැමරාකාචයේ සටහන්ව තිබු අතර ඇය ප්‍රහාරය සමග නැගිට යන අයුරුද වීඩියෝවල සටහන් වී තිබුණා.

ඉරාන මාධ්‍ය පවසන්නේ ප්‍රහාරයෙන් සුළු මොහොතකට පසු, ඇය නැවත ප්‍රවෘත්ති මේසයට පැමිණ විකාශය ඉදිරියට ගෙන ගිය බවයි.‍ෙ

 “මම මරණයට පත්වුණොත්, තවත් කෙනෙකු මගේ තැන ගනීවි. ඔබේ අපරාධ ලෝකයට හෙළි කරාවි” යනුවෙන් ඇය පැවසූ බව එම මාධ්‍ය සටහන් වල සඳහන්.

ඉරාන මාධ්‍ය ප්‍රකාශ කරන ආකාරයට මාධ්‍යවේදීන් කිහිපදෙනෙකු මෙම ප්‍රහාරයෙන් තුවාල ලබා තිබෙනවා.

මේ වන විට ඉරාන රජය මෙන්ම ලොවපුරා මාධ්‍ය සංවිධාන ගණනාවක් මෙම බිහිසුණු ප්‍රහාරය හෙළා දකිමින් අදහස් පළ කර තිබුණා.

මේ අතර ‘ලෝකය බලා සිටිනවා. ඉරානයේ ප්‍රවෘත්ති ආයතනයක් වන අයිඒඅයිබී කාර්යාලයේ සජීවී විකාශයක් අතරතුර එල්ල කළ ප්‍රහාරය බිහිසුණු යුධ අපරාධයක්‘ යනුවෙන් ඉරාන විදේශ අමාත්‍ය ප්‍රකාශක ඉස්මඑයිල් බගෙයි එක්ස් පණිවිඩයක් තබමින් පවසා තිබෙනවා.

Author

Related Posts