ශ්‍රී ලංකාවට පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් වන සාකච්ඡා මැයි 27 වන දින වොෂින්ටනයේදී ආරම්භ වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.
මෙම සාකච්ඡා, දෙරට අතර ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැනට ක්‍රියාත්මක උත්සාහයන්හි මීළඟ පියවර වනු ඇත.
මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය, හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් මෙම සාකච්ඡා සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.
මීට පෙර මේ පිළිබඳ සාකච්ඡා පැවති අතර දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කර ගැනීම මෙන්ම ශ්‍රී ලංකාව සහ ඇමෙරිකාව අතර ඇති ආනයන සහ අපනයන පරතරය අඩු කර ගැනීම ගැනත් සාකච්ඡා කර තිබේ.
මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ, එක්සත් ජනපද රජය වෙනුවෙන් ජාත්‍යන්තර වෙළඳ ප්‍රතිපත්ති සහ සාකච්ඡා අධීක්ෂණය කරනු ලබන එක්සත් ජනපද වෙළඳ නියෝජිත කාර්යාලයේ ආරාධනයකට අනුවය.
