කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවලා

කොළඹ කොටස් වෙළෙඳපොළ S&P SL20 දර්ශකය පෙර දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණය ඉක්මවා පහළ යාම හේතුවෙන් අද (07) දෛනික ගනුදෙනු පෙරවරු 9.51ට විනාඩි 30ක කාලයක් සඳහා අත්හිටුවා තිබුණා.

ගනුදෙනු අත්හිටුවන අවස්ථාවේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 639.01 කින් පහළ ගොස් ඒකක 14,734.34 ක් ලෙසින් සටහන්ව තිබුණු අතර S&P SL20 දර්ශකය ඒකක 240.45කින් පහළ ගොස් ඒකක 4,292.90 ක් ලෙසින් වාර්තා වු බවයි පැවසෙන්නේ.

එය සියලු කොටස් මිල දර්ශකය හා S&P SL20 දර්ශකය පිළිවෙලින් පෙර දිනයට සාපේක්ෂව 5.30% ක හා 4.16% ක පහළ යාමක්.


 මීට අමතරව ජපානය, දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ අගයන් වාර්තාගත ලෙස පහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.  

ඒ, අමෙරිකාව නව බදු පැනවීමත් සමගයි.

Author

Related Posts