ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් පවත්වාගෙන යන M/s Ceylon Beverage සමාගමට “නොමිලේ ඉඩම්” වෙන් කිරීම සම්බන්ධයෙන් ඇති වූ මතභේදයෙන් පසු, කෝටි 1,650ක ආයෝජනයෙන් ඉවත් වී තිබේ.
මෙය, ඉන්දියවේ ජම්මු සහ කාශ්මීර ප්‍රාන්තයේ කාතුවාහි සිදු කිරීමට සැලසුම් කරන ලද ආයෝජනයක් වන අතර, 2021 දී ගත් ප්‍රතිපත්තිමය තීරණයක් මත ආයෝජකයන්ට ලබා දුන් සහන පාවිච්චි කරමින් අදාල ආයෝජනය සිදු කර තිබුණි.
මුරලිදරන් 2021 දී ඇති කරගත් කාර්මික සංවර්ධන යෝජනා ක්‍රමය යටතේ මෙම ආයෝජනය සඳහා බදු සහන, ණය ලබාගැනීමේ පහසුකම් ආදී සහන ඉල්ලා තිබුණි. එහෙත් අදාල කාර්මික සංවර්ධන යෝජනා ක්‍රමයේ කාලසීමාව 2024 සැප්තැම්බර්වලදී අවසන් වී තිබුණි. එයින් පසු, විශේෂ අනුමැතියක් සිය ආයෝජනය සඳහා ඉල්ලා සිටියත් ලැබී නොමැත. කෙටි කාලයක් බලා සිටීමෙන් පසු ඔහු අයෝජනයෙන් ඉවත් වීමට තීන්දු කර ඇත. ඒ වෙනුවට පුනේ ප්‍රාන්තයෙහි කර්මාන්තය ආරම්භ කිරීමට ඔහු තීරණය කර තිබේ.
මෙම ආයෝජනය වෙනුවෙන් කතුවා නම් ප්‍රදේශයේ අක්කර 26ක ඉඩමක් මුරලිදරන්ට ලබා දුන්නේ කෙලෙසදැයි ආන්දෝලනයක් ඇති වී තිබුණි. එම ප්‍රදේශසොමාන්‍ය ජනතාවට නිවාස සඳහා ඉඩම් ලබා නොදෙන පසුබිමක විදේශිකයෙකුට ඉඩම් දුන්නායැයි ජම්මු සහ කාශ්මීර ප්‍රාන්ත කවුන්සිලයේ විවාදයට ලක් වී තිබුණි.
මන්ත්‍රීවරයෙකු වන මොහොමඩ් යූසුෆ් ටාරිගාමි චෝදනා කර තිබුණේ, වාණිජ කටයුත්තකට ඉඩම් ඉල්ලන අවස්ථාවක නීතියට අනුව එය කළ යුතු බවත්, මුරලිදරන්ට ඉඩම් දී ඇත්තේ නීතියට පිටින් බවත්, ඒ උදෙසා කිසිදු මුදලක් අය කරගෙනවත් නොමැති බවත් ප්‍රකාශ කර තිබුණි.
කෙසේ වෙතත්, නිල ලේඛන අනුව එම ඉම ලක්ෂ 64කට වෙන් කර තිබේ.
මුත්තයියා මුරලිදරන්ගේ M/s Ceylon Beverage Can Pvt. Ltd සමාගම චෙන්නායිවල මයිසූර් ප්‍රාන්තයේ කර්මාන්තයක් පවත්වාගෙන යනු ලබයි. සිලෝන් බෙවරේජ් සමාගම ශ්‍රී ලංකාවේ සිටින විශාලම බීම සැකසුම්, පිරවුම් සහ අපනයන සිදුකරන ආයතනය ලෙස මාධ්‍ය වාර්තා හඳුන්වයි. කොකාකෝලා, නෙස්ලේ ඇතුළු සමාගම්වල කොන්ත්‍රාත් ලබාගෙන පිරවුම් කටයුතු එම සමාගම සිදු කරයි.
