මෙවර අයවැය තුළ පරිපූරක වෛද්‍ය, අතුරු වෛද්‍ය, සහ හෙද සේවාවේ වෘත්තීයවේදීන්ගේට දැඩි බලපෑම් ඇති කල හැකි තීන්දු කිහිපයක් ඇතුළත්ය. එයින් ප්‍රධානම කරුණු පහත දැක්වෙන අතර, ඒවා සාකච්චා කිරීම, ‘ආණ්ඩු විරෝධයක්’ ලෙස කිසිවෙකු හෝ වටහා නොගත යුතුය.
1. 1/20 නිවාඩු දීමනාව අහිමි වීම – වසර හතළිහක වැඩි කාලයක් භුක්ති විඳි, මෙම ප්‍රතිලාභය අහිමි වීම ඔවුන්ගේ ආර්ථික සහ වෘත්තීය ස්ථායිතාවයට බලපෑම් එල්ල කරයි.
2. 1/160 අමතර සේවා ගාස්තු අහිමි වීම – අතිකාල සේවා සඳහා හිමිවිය යුතු විශේෂ වැටුප ඉවත් කිරීම, අමතර සේවාවන්ට මූලිකත්වය දක්වන වෘත්තිකයන්ට දැඩි අසාධාරණයක් කරයි. මෙය වෘත්තියක වටිනාකම පිළිබඳව කර ඇති අඩු තක්සේරුවකි.
3. මූලික වැටුප් විෂමතාවයන් ප්‍රසාරණය වීම – සමාන්තර සේවා අතර තිබූ විෂමතාවය මෙන්ම, සෞඛ්‍ය සේවා ක්ෂේත්රය තුළම වෙනස් සේවාවන් අතර වැටුප් විෂමතාවය වැඩි වීම සිදු වී ඇත එමගින් වෘත්තීය අපේක්ෂාවන් අඩාල කිරීම දිර්ගකාලීන ගැටලුවකි.
4. වැටුප් වර්ධක විෂමතා තිව්ර වීම – වෘත්තීය මට්ටම අනුව නිසි ප්‍රමිතියක් නොමැතිව වැටුප් වර්ධක ලබාදීම, වෘත්තීන් අතර අසාධාරණ තත්ත්වයක් ඇති කර ඇත.
5. උපරිම වැටුප් තලයේ විෂමතා වැඩිවීම – විශේෂඥයන් සහ දිගු සේවා කාලයක් සේවය කරන වෘත්තිකයින්ට ඇති උසස් වැටුප් තලයේ බාධා වැඩිවීම, ඔවුන්ගේ වෘත්තීය වර්ධනයට අන්තිම බලපෑමක් කර ඇත.
6. උසස්වීම් රටාව දිගු වීමේ අවදානම – වෘත්තීය මට්ටම් අතර උසස්වීම් ප්‍රතිපත්ති අපැහැදිළිය. සංශෝධිත බඳවා ගැනීමේ පටිපාටි වලට මෙය ආදාල නොවන බව පසු අවස්ථාවකදී ඇමති වරයාගෙන් පොරොන්දුවක් ලැබුණද, අප සේවාවන් නොවන, වෙනත් සේවාවන්ගේ සංශෝධිත උසස්වීම් කාලය මෙම අය වැය යෝජනාවට සෘජුවම අදාළ කර තිබියදී, අප සේවාවන් පමණක් මග හැරීම තවදුරටත් සැජ කටයුතුය.
7. සේවා වර්ගීකරණය සම්බන්ධ සාධාරණ යාවත්කාලීන කිරීමක් නොවීම – සෞඛ්‍ය ක්ෂේත්රයේ වෙනස් සේවාවන්හි වෘත්තීය ගෞරවය සහ වටිනාකම පිළිගන්නා ලෙස සේවා වර්ගීකරණය යාවත්කාලීන නොකිරීම. අප සේවාවන් විද්‍යාත්මක සේවාවක් ලෙස වර්ගීකරණය කිරීම සඳහා ගොඩනගාගත් බොහෝ ශක්‍යතාවයන් ආපස්සට හැරවී ඇත.
8. සෞඛ්‍ය සේවාවේ වැටුප් විෂමතා යටපත් කිරීම සහ වැටුප් කොමිසමක් නොපිහිටුවීම – සෞඛ්‍ය ක්ෂේත්රය තුළ වැටුප් සහ ප්‍රසාද අසාධාරණතාවය නිරාකරණය සඳහා විශේෂිත පිළියමක් නොමැති වීම සහ එවන් සාකච්ඡාවකට ඇති ඉඩකඩ 2027 දෙසැම්බර් දක්වා කල් යැවීම
9. දීමනා විෂමතාවයේ ඉතිරි කොටස සඳහා මුදල් වෙන් නොකිරීම
මෙම ගැටළු, සංඛ්‍යාත්මක දත්ත මගින් මකා දැමිය නොහැකි ආකාරයෙන් වෘත්තීය ක්ෂේත්රයට දැඩි බලපෑමක් ඇති කරනු ඇත. මේවා සාධාරණ ලෙස පිළියෙළ කිරීම සඳහා ආණ්ඩුව වෘත්තීය සමිතිවල හා සෘජුව සාකච්ඡා කර, ප්‍රායෝගික පිළියම් ඉදිරිපත් කළ යුතුය.
මෙය දේශපාලන ගැටළුවක් බවට පත් කිරීමෙන් වඩාත් වැදගත් වන්නේ, සේවකයින්ට සෘජු බලපෑම් ඇති කරන මෙම අසාධාරණ තීන්දු පිළිබඳ සාධාරණ හා සාමකාමී විසඳුමක් ඉදිරිපත් කිරීමයි. රාජ්‍ය සේවාවන්ට මුළුමනින්ම ක්‍රියාත්මක කරනු ලබන වැටුප් වැඩි කිරීම් කතා කිරීමෙන් වඩාත් වැදගත් වන්නේ, සෞඛ්‍ය සේවාවේ විශේෂිත අවශ්‍යතා තේරුම් ගනිමින් නිසි පිළියමක් ලබාදීමයි.
රවී කුමුදේශ්
කැදවුම්කරු
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය
සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අනාගතයට දැඩි ලෙස බලපාන අයවැය තීන්දු පිළිබඳ සාධාරණ විශ්ලේෂණයක් අවශ්‍යයි
