වාහන ආනයනයෙන් වෙළඳ හිඟය උග්‍ර වේවි! නින්දෙන් ඇහැරුණ අයිඑම්එෆ් කියයි!

වාහන ආනයනය කිරීම වෙළඳ හිඟය උග්‍ර කිරීමට බලපෑ හැකි සධකයක් ලෙස ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෘවර් පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව වාහන ආනයනයට සූදානම් වූ මොහොතේදීම මෙම තීන්දුව රටේ ආර්ථිකය ඩොලර් හිඟයක් හරහා බංකොළොත් විය හැකි අවදානමක් බව පෙන්වා දුන්නේ ප්‍රකට ආර්ථික විශ්ලේෂකයෙකු මෙන්ම වාණිජ හා කාර්මික සේවක සංගමය නියෝජනය කරන වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකුද වන ධනූෂ පතිරණ විසින්.

ඔහු පෙන්වා දුන්නේ, මෙරට ආර්ථිකය සියුම් ලෙස තුලනය කිරීමට අවශ්‍ය බවයි. ශ්‍රී ලංකවේ ඩොලර් අවශ්‍යතාව වාහන ආනයනය නිසා වැඩි වන බවත්, සංචිතවලට අවදානමක් ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. කෙසේ වෙතත්, ඔහු තර්ක කර ඇත්තේ, දැනට ක්‍රියාත්මක වන වැඩසටහන යටතේ රටේ සංචිතවල වැඩිවීමක් පවතින බව. එහෙත්, ඒ අතරේම ඔහු පෙන්වා දී තිබෙන්නේ විනිමය අනුපාතය නමන්‍යශීලීව පවත්වාගෙන යමින් මහ බැංකුව ප්‍රවේශමෙන් සංචිත කළමණාකරණය කළ යුතු බව.

ඒ අනුව ඩොලරයේ අගය නිදහසේ පා වීමට ඉඩ දිය යුතු බව අදහස් කරනවා.

Author

Related Posts