සිරිසේනගේ අපේකෂකයා මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (1) පැවසුවා.

වෘත්තීය සමිති නායක ඕ.ඊ. ඉලංගරත්න මහතාගේ ගුණසමරු උත්සවයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව සඳහන් කර සිටියා

ආණ්ඩුවේ ඇමතිවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එකතු කරගත් බව කී මෛත්‍රීපාල මහතා ඔහු කැමති ධූරයට කිසිඳු කැමැත්තක් නොමැති බව ද සඳහන් කළා.

විජේදාස රාජපක්‍ෂ මහතාට නිදහස් පක්‍ෂයේ සම්පූර්ණ සහයෝගය දෙන බව ද ඒ මහතා පවසා සිටියා.

විජයදාස රාජපක්ෂ මැතිතුමාට එම පක්ෂයේ වැඩි පිරිසකගේ කැමැත්ත ඇති බවත් තමන් එක වරක් ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ අතරම එම අවස්ථාවේදී දිවුරුම් දෙන අවස්ථාවේදී නැවත ඉදිරිපත් නොවන්නේ යැයි ප්‍රකාශ කළ බවත් වැඩිදුරටත් සඳහන් කළා.

Author

Related Posts