සජබ,පෙහොට්ටුව රනිල්ට ජනාධිපතිවරණයේදී සහය දෙනවා-රුවන් කියයි

ඊළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුට සහායෝගය දැක්වීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රී මන්ත්‍රීවරු තීරණය කර ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ සභාපති රුවන් විජේවර්ධන මහතා ඊයේ මහනුවර දී පවසා තිබෙනවා.

ඔහු පවසන්නේ මේ වනවිට පවත්වාගෙන යන සාකච්ඡා අනුව පොහොට්ටුවේ සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සිය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේවුවද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ සියලු දෙනාට පිළිගත හැකි පොදු සලකුණකින් මැතිවරණයට ඉදිරිපත් වන ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනටමත් ආරාධනා ලැබී ඇති බවයි.

මේ වනවිට ජාතික ජන බලවේගය වටා ගොඩනැගෙමින් ඇති ජනතා බලයට පිළිතුරු ලබා දීමට හැකි සෑම ආකාරයකින්ම අණ්ඩුවට සමගාමී දේශපාලන ධාරාවන් එක් කරගැනීමට කටයුතු කරන අතරම අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මහතාගේ නෛතික එළඹුම් යටතේ ව්‍යවස්ථාවේ පුංචි හෝ අවකාශයක් සොයා යමින් මැතිවරණ දෙකම කල් දමා ගැනීමේ මෙහෙයුමක් ද ආරම්භ වී ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

කෙසේ වෙතත් රටේ සිවිල් ජන කණ්ඩායම් සහ ව්‍යවස්ථා විශාරදයින් අවධාරණය කරන්නේ දින වකවානු සහිතව ව්‍යවස්ථාවේ ප්‍රකාශිත ජනාධිපතිවරණය මගහැරීමට අධිකරණයට ව්‍යවස්ථා දායකයට හෝ විධායකයට කිසිම අවකාශයක් නැති බවයි

Author

Related Posts