ජනපතිවරණයට රුපියල් කෝටි දහසක්?

ජනාධිපතිවරණයක් සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු කටයුතු සූදානම් කර ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

ජනාධිපතිවරණයට අදාළව රුපියල් කෝටි 1000 ක මුදලක් දැනටමත් වෙන් කර ඇති බව ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරණය මේ වසර අග ස්ථිර වශයෙන්ම පැවැත්විය යුතු වනවා.

මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියා සිටියේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සියලු සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ද දැනුවත් කර ඇති බවයි.

ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය කරන ලිපි ද්‍රව්‍ය ඇතුලු භාණ්ඩ මිලදී ගැනීමට කොමිසම මේ වන විටත් කටයුතු කරමින් සිටින බව සඳහන්.

ජනාධිපතිවරණය මුලින් පවත්වන බව ජනාධිපතිවරයාද පසුගියදා ප්‍රකාශ කර තිබුණද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ඊට අකමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.

Author

Related Posts