රංජිත් බණ්ඩාර දුරකතනයෙන් තර්ජනය කළ බවට දිලුම්ගේ ලේකම්වරියගෙන් පොලිසියට පැමිණිල්ලක්

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර තමාගේ කට කපන බවට තර්ජනය කළේ යැයි පවසමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගේ මහතාගේ කාන්තා කටයුතු, පෙරපාසල් හා රූපලාවන්‍යය ක්ෂේත්‍ර කටයුතු සම්බන්ධීකරණ ලේකම්වරිය පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

යම් දෙයක් පවසා ඇතැයි දැනගන්නට ලැබුණු හෙයින් එය සත්‍යයක් නම් නිවසටම පැමිණ කටේ සිට කණ දක්වා කපා දමන බව ඔහු දුරකථනයෙන් තර්ජනය කළ බවයි එම පැමිණිල්ලේ සඳහන් වෙන්නේ.

ලේකම්වරිය පවසන්නේ තමා සහ දියණිය පමණක් නිවසේ පදිංචිව සිටින නිසා මෙම ප්‍රකාශය හේතුවෙන් තමන් බියෙන් පසුවන බවයි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මහාචාර්ය රංජිත් බණ්ඩාර පවසා සිටියේ මෙවැනි සිද්ධියක් JVP භීෂණ සමයේ සිදු වුණා නම් කට කපනු ඇති බවයි.

තමා එවැනි තර්ජනයක් නොකළ බව මහාචාර්ය රංජිත් බණ්ඩාර වැඩිදුරටත් පවසා සිටියා.

Author

Related Posts