රට ගොඩගන්න වැටුප අත්හල ජනපති

පකිස්ථානයේ නව ජනපති ලෙස තේරී පත් වූ අසීෆ් අලි සර්දාරි සිය වැටුප අත්හැරීමට තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රට මුහුණ දෙන ආර්ථික අභියෝග හේතුවෙන් ඊට උපකාර කිරීමේ අරමුණින් තම ධුර කාලය තුළ කිසිදු වැටුපක් නොගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

එරට ජනාධිපති ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පාකිස්ථාන භාණ්ඩාගාරයට බරක් නොවීමට නව ජනපති අසීෆ් විසින් තීරණය කර ඇති බවයි.

සර්දාරි පාකිස්ථානයේ ධනවත්ම දේශපාලනඥයන්ගෙන් එක් අයෙකුද වන බවත්, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මේ අතර‍, නව ජනපතිගේ පියවර අනුගමනය කරමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ද රට මුහුණ දෙන ආර්ථික අභියෝගය හේතුවෙන් තම වැටුප අත්හැරීමට තීරණය කර තිබෙනවා

X පණිඩිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, අභියෝගාත්මක කාලවලදී හැකි සෑම ආකාරයකින්ම ජනතාවට සේවය කිරීමට කැපවී සිටින බවයි

ණය බරින් මිරිකී සිටින පකිස්ථානය ආර්ථික අභියෝග රැසකට මේ වනවිට මුහුණ දී සිටිනවා

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading