රෝහිත කෝප් පුටුවට

රජයේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පත් කර තිබෙනවා.

සාමාජික මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් තේරී පත් වී තිබෙන බවට වාර්තා වනවා.

මීට පෙර එම කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරයි.

මීට අමතරව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යළි පත් කෙරුණු බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading