ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පෙබරවාරි මාසය සඳහා ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීම සඳහා සුපිරි ක්‍රීඩකයින් තිදෙනෙකු තෝරාගෙන තිබෙනවා.
අන්තර්ජාලය හරහා පැවැත්වෙන ඡන්දයක් හරහා ඒ අතරින් හොඳම ක්‍රීඩකයා නම් කරනු ලබනවා.
ඒ අනුව මෙවර පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයින් තිදෙනාගේ නාම යෝජනා අතරට ශ්‍රී ලංකා සුපිරි ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක්.
ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවති එක්දින තරගාවලියේදී ලබාගත් ද්විත්ව ශතකය ඔහුව මෙලෙස නම්කිරීමට මූලික හේතුව වී තිබෙනවා.
එය ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයෙකු විසින් එක්දින තරගයකදී රැස්කළ ප්‍රථම ද්විත්ව ශතකය වනවා.
මීට අමතරව 2024 පෙබරවාරි මාසයේ හොඳම ක්‍රීඩකයා තේරීම සඳහා පැවැත්වෙන මත විමසුමට ICCය නම්කර ඇති සෙසු ක්‍රීඩකයින් වන්නේ ඉන්දීය යොවුන් පිතිකරු යශස්වි ජයිශ්වාල් සහ නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්වයි.

