මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළෙන් ගොඩගත් ඇටසැකිලි 1994 සහ 1996 අතර කාලයට අයත් බවට පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා සිය වාර්තාවෙන් පවසා තිබෙන බව නීතිඥ වී.කේ නිරංජන් මහතා මුලතිව් අධිකරණයේ දී පවසා සිටි අතර, මුදල් නිසිපරිදි ලබා නොදීම නිසා මෙම සමූහ මිනීවළේ යුක්තිය සෙවීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වෙනවා.

නීතීඥවරයා මෙම මළමිනීවල කාලසීමාව ගැන කරුණු සඳහන් කර සිටියේ,කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් මුලතිව් අධිකරණයේදී ගොනුකර ඇති නඩුව විභාගයට ගත් අවස්ථාවේදී .
සමූහ මිනීවළෙන් ගොඩගත් ඇටසැකිලි පිළිබඳව පූර්ණ වාර්තාවක් පුරාවිද්‍යා නිළධාරීන් විසින් මුලතිව් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව එම වාර්තා වේ කරුණු සැලකිල්ලට ගනිමින් නඩුව මාර්තු 04 වනිදා දක්වා කල්තැබිමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කර තිබෙනවා.
සමූහ මිනීවලෙන් ගොඩගත් ඇටසැකිලිවල කාල නිර්ණයක් තිබුණද සිරුරු මියයාමේ හේතුව කුමක්ද යන එම වාර්තා වේ නොතිබුනු බව නීතීඥ වී.කේ නිරංජන් මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
පසුගිය වසරේ(2023) කොක්කුතුඩුවායි ප්‍රදේශයේ ජලනළ එලමින් සිටි සේවකයින් පිරිසකට ඇදුම් තොගයක් සහ මිනිස් ඇටසැකිලි කොටස් කිහිපයක් හමුවීමෙන් පසුව කළ විමර්ශනවලදී සමූහ මිනීවල සොයාගෙන තිබුණා.
අදියර කිහිපයකදී කරන ලද කැණීම්වලින් මළසිරුරු 40ක අස්ථි කොටස් හමූ වි තිබු අතර ඒවා මුලතිව් මහ රෝහලේ ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා.
මෙම මිනීවළේ කැණීම් කටයුතු සදහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකරන බවද එහිදී කරුණු මතු වී තිබුණා. මුදල් නැතිනම නිසා කැණීම් කටයුතු අසීරු වී ඇතැයි එහිදී සදහන් වී තිබුණා. මෙරට බිහිසුණුම යුධමය කාලසීමාවක් ගැන කරුණු සෙවීමට මුදල් වෙන් නොකිරීම, රජය සිදු කරන බිහිසුණුම වරදක්.
මිනීවළ පිළිබද බීබීසී වාර්තාවෙන් උපුටාගත් කරුණු පහත දැක්වෙනවා.
‘කොක්කුතුඩුවායි සමූහ මිනිවළ
ජල සම්පාදන මණ්ඩල සේවකයින් පිරිසක් ජල නළ එලීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී අදාළ ස්ථානයෙන් පළමු වතාවට මිනිස් අස්ථි කොටස් කිහිපයක් 2023 ජුනි 29 වැනිදා හමුව තිබුණි.
අස්ථි කොටස් හමුවු ස්ථානය 2023 ජුනි 30 වැනිදා පරීක්ෂා කළ, මතභේදාත්මක සේවා හැරයාමක් සිදුකළ මුලතිව් හිටපු මහේස්ත්‍රාත් ටී.සරවනරාජා විසින් පරීක්ෂා කළ අතර, එහිදී නියෝග කරනු ලැබුවේ අස්ථි හමුවු ස්ථානයේ කැනීම් කටයුතු 2023 ජුලි 06 වැනිදා ආරම්භ කරන ලෙසටය.
අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැනීම් කටයුතු පළමු වතාවට 2023 ජුලි 06 වැනිදා සිදුකිරීමෙන් අනතුරුව නවතා දැමුණි.

සමූහ මිනිවළ කැනීම් කටයුතු දෙවැනි අදියර යටතේ 2023 සැප්තැම්බර් 06 වැනිදා නැවත ආරම්භ කළ අතර,2023 සැප්තැම්බර් 15 වැනිදා කැනීම් කටයුතු නවතා දැමීය.
සමූහ මිනිවළ පිළිබඳ තෙවැනි අදියරේ කැනීම් කටයුතු 2023 නොවැම්බර් 20 වැනිදා ආරම්භ කොට 2023 නොවැම්බර් 29 වැනිදා අවසන් කෙරුණි.
සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් අස්ථි කොටස් 40 ක් ගොඩගෙන ඇති අතර, ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ වැඩිදුර පරීක්ෂාව වෙනුවෙන් මුලතිව් රෝහලේ විශේෂ කුටියක තැන්පත් කොට ඇත.
ගොඩගත් අස්ථි කොටස්වල පරීක්ෂණ තත්ත්වය
සමූහ මිනිවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් මේ දක්වා සිදු කොට නොමැති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිළධාරි කනකසභාපති වාසුදේව සඳහන් කරයි.
අධිකරණ නියෝග යටතේ කැනීම් කටයුතු භාර පුරාවිද්‍යා මහචාර්යවරුන් කණ්ඩායම හා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කමිටුව යටතේ අස්ථි කොටස් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු පැවසුවේය.
එහෙත් විශේෂඥ කමිටුවක් හරහා අස්ථි කොටස් පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරීන් කණ්ඩායමක් එක්විය යුතු අතර, අදාළ පරීක්ෂාවන් වෙනුවෙන් මුල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම ගැටළුවක් වි ඇති බවද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් පුරාවිද්‍ය නිළධාරි මතය
සමූහ මිනිවළ කැනීම් කටයුතු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍ය අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායමක් සිදුකළ අතර, රාජ් සෝමදේව කැනීම් සම්බන්ධයෙන් පැවසූවේ , සමූහ මිනිවළ හමුවු ස්ථානයට ඔබ්බෙන් වන මුලතිව් කොක්කුතුඩුවායි මාර්ගයේ කොටසක්ද කැනීම් කටයුතු වෙනුවෙන් කඩා ඉවත් කළ යුතු බැවින්, ඒ සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ අවසරය ලබාගැනීම වෙනුවෙන් සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු බවයි.
සමූහ මිනිවළ තුළින් මේ දක්වා මිනිස් සිරුරු 40 ක සංඛ්‍යාවක් ගොඩගෙන ඇති අතර, තවත් අස්ථි කොටස් කිහිපයක් ගොඩගැනීමට නියමිත බවද ඔහු පැවසුවේය.
දැනට මීටර 14 ක් දිග,මීටර තුනක් පළල අඟලක් හාරා අවසන් බවත්,තවත් අවම වශයෙන් මීටර දෙකක් පළල, මීටර් තුනක් දිග කොටසක් හැරීමට නියමිත අතර, සමූහ මිනිවළ තුළින් හමුවු අස්ථි කොටස් විධිමත් සුසාන භූමියක මළ සිරුරු තැන්පත් කොට ඇති ආකාරයට තැන්පත් කොට නොමැති බවත්, හමුවු අස්ථි කොටස් අවිධිමත් ආකාරයට වළ දමා ඇති බවටත් නිරීක්ෂණය වන බවත් සෝමදේව ප්‍රකාශ කළේය.
සමූහ මිනිවළ තුළින් හමුවු දෑ
සමූහ මිනිවළ දෙවැනි අදියර කැනීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17 කට අදාළ අස්ථි කොටස් ගොඩ ගැනීම සිදුකළ අතර, තෙවැනි අදියරේ කැනීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු 23 ක අස්ථි කූඩු මතුකර ගැනීමට හැකිවි ඇති බව කැනීම් නිළධාරීන් පවසයි.
සමූහ මිනිවළ තුළ තිබි පතුරම් උණ්ඩ වැනි කොටස් හා LTTE සංවිධානයේ සාමාජිකයින් හදුනාගැනීමට පළදින ලද යැයි කියන අංක තහඩු , අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුවු බවද කැනීම් නිලධාරීන් පැවසීය.
සමූහ මිනිවළ ස්කෑන් පරීක්ෂාවකට ලක් කිරීම
මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් 2023 නොවැම්බර් 24 වැනිදා හා 25 වැනිදා ස්කෑන් පරීක්ෂාව සිදුකළහ.
මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ භූ ගතව පවතින ලෝහ, අස්ථි හා ආයුධ සොයා පරීක්ෂණ පවත්වන විශේෂ කණ්ඩායමක් විසින් සමූහ මිනිවළ අවට සීමාව ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වූහ.
කැනීම් නිළධාරීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ ආයුධ,ලෝහ හෝ වෙනත් යමක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් ස්කෑන් පරීක්ෂාවේදී පරීක්ෂා කළ බව ය.
මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සිදුකළ ස්කෑන් පරීක්ෂාවට අනුව සමූහ මිනිවළ මුලතිව් සිට කෝකිලායි දක්වා දිවෙන ප්‍රධාන මාර්ග සීමාව දක්වා විශාල විය හැකි බවට අනාවරණය වි ඇති බව ය.
දැනට කැනීම් සිදුකරන ස්ථානයේ සිට තවත් මීටර පහක පමණ දුරකට සමූහ මිනිවළ දිවෙන බවට ස්කෑන් පරීක්ෂා වලින් මුලිකව නිරීක්ෂණය වී ඇතැයි, මුලතිව් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසීය.
කැනීම් නිලධාරීන් කණ්ඩායම
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් සිදුකරති.
යාපනය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි කනකසභාපති වාසුදේව ,යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්.පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයුතු වෙනුවෙන් එක්ව සිටිති.
කෝකිලායි පොලිස් නිළධාරීන්,පොලිස් විශේෂ කාර්ය බළකා බොම්බ නිශ්ක්‍රීය අංශය,පුරාවිද්‍යා නිලධාරීන්,පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැනීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙති.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් මොකද කියන්නෙ ?
මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනිවළ තුළ යුද සමයේ අතුරුදහන් වූ තම දරුවන්ගේ මළ සිරුරුවල අස්ථි කොටස් ඇති බවට තමන් විශ්වාස කරන බව ය.
සමූහ මිනිවළ තුළ මියගිය අයවළුන්ගේ අස්ථි කොටස් එකපිට එක පවතින ආකාරයට අස්ථි කොටස් විශාල ප්‍රමාණයක් පවතින බවට නිරීක්ෂණය වන බැවින් අතුරුදහන්වූවන් ඝාතනය කොට අදාළ වළට දමා ඇති බවට තමන්ට මහත් සැකයක් පවතින බවද අතුරුදහන්වූවන්ගේ ඥාතීහූ පවසති.‘
(බීබීසී වෙතින් උපුටාගත් කරුණු ඉහතින් දැක්වුණා.)

පහත් දැක්වෙන්නේ ශ්‍රී ලංකාවේ සමූහ මිනීවළවල් ගැන පළ වූ විශේෂ වාර්තාවක්.
