අභ්‍යවකාශයට මිනිසුන් යැවීමට ඉන්දියාව සුදානම්

ලබන වසර සඳහා සැලසුම් කර ඇති ඉන්දියාවේ පළමු අභ්‍යවකාශ ගමන සඳහා ඉන්දීය ගුවන් හමුදාවේ නියමුවන් සිව් දෙනෙක්ව තෝරාගත් බව නිවේදනය කර තිබෙනවා.

එම අභ්‍යවකාශ ගමන “Gaganyaan” ලෙස නම්කර තිබෙනවා.

අදාළ අභ්‍යාවකාශ ගමනේ දී ගගනගාමීන්ව කක්ෂයේ කිලෝ මීටර් 400ක් පමණ දුරකට යවා දින තුනකට පසුව ඔවුන්ව ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බව සඳහන් වනවා.

ඉන්දීය වාර්තා සඳහන් කරන්නේ කපිතාන් ප්‍රශාන්ත් බාලක්‍රිෂ්ණන් නායර්, ගෲප් කපිතාන් අජිත් ක්‍රිෂ්ණන්, ගෲප් කපිතාන් අංගද් ප්‍රතාප් සහ වින්ග් කමාන්ඩර් ශුභාන්ෂු ශුක්ලා මෙලෙස අභ්‍යාවකාශ ගමනට තෝරාගෙන තිබෙන බවයි.

ඉන්දීය වාර්තා පවසන්නේ එම ගමන සාර්ථක කර ගැනීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ ඒජන්සිය (Isro) මේ වනවිට විවිධ අත්හදාබැලීම් සිදුකරමින් සිටින බවයි.

Author

Related Posts