මහින්ද යාපාට එරෙහි විශ්වාසභංගයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් සහය

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය ගෙනඒමට නියමිත විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ නිර්දේශ සැලකිල්ලට නොගනිමින් සමාජ මාධ්‍ය නියාමන පනත සම්මත කරගැනීමට කටයුතු කර ඇති බවට විපක්ෂය විසින් කථානායකවරයාට චෝදනා එල්ල කරමින් විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට තීරණය කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දක්වමින් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිවේදනය නිකුත් කරමින් පවසා සිටියා.

තවද උත්තර ලංකා සභාගය විසින් ද විශ්වාසභංග යෝජනාවට සහාය පළ කිරීමට පසුගියදා තීරණය කර තිබුණා.

Author

Related Posts