ඩලස් හමුවෙන්න පාඨලී ගිහින්

රටට ඔබින මනුෂ්‍යත්වයේ සන්ධානයක් නිර්මාණය කර ගැනීම සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට නිදහස ජනතා සභාව සහ එක්සත් ජනරජ පෙරමුණ එකඟවු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

“දේශය වෙනුවෙන් එක්වන පියවරක්”මැයෙන් එක්සත් ජනරජ පෙරෙමුණ එළ‍ෙදැක්වූ ප්‍රකශනය සහ වැඩපිළිවෙළ පිළිබඳ දැනුවත් කිරීම සඳහා නිදහස ජනතා සභාව හමුවීමෙන් පසු රණවක මහතා මේ බව කියා සිටියා.

නිදහස ජනතා සභාව වෙත වැඩසටහන පිළිගැන්වීම නාවල කොස්වත්ත නිදහස ජනතා සභා කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

මෙම අවස්ථාවට නිදහස ජනතා සභාව වෙනුවෙන් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ, නීතිඥ සුමිත් විජේසිංහ මහත්වරු ද, එක්සත් ජනපද පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක, ප්‍රධාන ලේකම් බන්දුල චන්ද්‍රසේකර, දේශපාලන මණ්ඩල සභාපති කරු පරණවිතාන, ජ්‍යෙෂ්ඨ උප සභාපති, නීතිඥ ශිරාල් ලක්තිලක මහත්වරුද සහභාගීවි තිබුණා.

Author

Related Posts