ජල සැපයුම අත්හිටුවා ඇත්තේ කැලණි ගඟට රසායන ද්‍රව්‍ය මුසුවී ඇති බවට වූ තොරතුරක් මත

අඹතලේ හා බියගම ජල පවිත්‍රාගාරවලින් කොළඹ හා ගම්පහ ප්‍රදේශවලට සපයන ජලය ඊයේ (අගෝස්තු 24) රාත්‍රියේ සිට පැය කිහිපයකට අත්හිටුවා ඇත්තේ එම ජල පවිත්‍රාගාරවලට ඉහළ ප්‍රදේශයේ කම්හලක් මගින් යම් රසායන ද්‍රව්‍යයක් කැලණි ගඟට මුදා හැර තිබූ බවට වන තොරතුරක් නිසා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර පවසා ඇත.

රසායන ද්‍රව්‍යයක් කැලණි ගඟට මුදා හැර ඇති බවට වන තොරතුර ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයට දැනුම් දී ඇති අතර ඒ අනුව එම ජල පවිත්‍රාගාරවලින් සපයන ජලය අත්හිටුවා විමර්ශනයක් සිදුකර තිබේ
ඉන්පසු නැවත ජලය සපයා ඇත්තේ එම විමර්ශනයෙන් පසු ජලයේ තත්වය සුදුසු බවට තීරණය කිරීමෙන් පසුය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading