ලෝකයේ ඕනෑම තැනක සිට සාක්ෂි දෙන්න සිවිල් නඩුවිධාන සංග්‍රහයට සංශෝධනයක්

ලෝකයේ ඕනෑම තැනක සිට නඩුවක සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. මේ සඳහා වන පනත් කෙටුම්පතට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අගෝස්තු 24 වැනිදා කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.

කැබිනට් තින්දු දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයේ මේ සම්බන්ධයෙන් ෙමෙසේ සඳහන් වේ. “සාක්ෂිය ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධතාව මඟින් පාර්ශ්වයන්ගේ එකඟතාව මත, අධිකරණය හමුවේ විභාග වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් පාර්ශ්වයක් හෝ පාර්ශ්වයන් විසින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත හෝ තමන්ගේම මෝසමක් මඟින් සිදු කරනු ලබන ඉල්ලීමක් මත, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටක ඕනෑම ස්ථානයක සිට සමකාලීන ශ්‍රව්‍ය දෘශ්‍ය සම්බන්ධක හරහා සාක්ෂි ලබා දීම සඳහා තැනැත්තන් යොමු කිරීම පිණිස අධිකරණයට බලය ලබා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහයේ අදාළ විධිවිධාන සංශෝධන කිරීම සඳහා 2025-01-20 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරනු ලැබ ඇති සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ නිෂ්කාශනය ලැබී ඇත.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට්‌ පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”

මෙම සංශෝධනය හරහා අධිකරණ ක්‍රියාවලිය වඩාත් පහසු වනු ඇත. සාක්ෂිකරුවන්ට ලොව ඕනෑම ස්ථානයක සිට සාක්ෂි ලබා දීමට මින් අවස්ථාව උදා වේ. එය ශ්‍රව්‍ය දෘශ්‍ය තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙනු ඇත. මේ සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ද දැනටමත් ලැබී තිබේ. ඉදිරියේදී මෙය රජයේ ගැසට් පත්‍රයේ පළ කෙරෙනු ඇත. ඉන් පසුව එය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading