අහිතකර ක්ෂුද්ර ජීවීන් අඩංගු චීන කාබනික පොහොර ආනයනය කිරීමේ සිදුවීමට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව ගොනුකර ඇති නඩුව යළි දෙසැම්බර් 04 වැනිදා කැඳවීමට නියම කර තිබේ.
ඒ එම නඩුව අද (අගෝස්තු 25) කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.
එහිදී එම සිදුවීමට අදාළ නඩුවේ පළමු සැකකරු වන දැනට සිරදඬුවම් විඳිමින් සිටින හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර දෙවන සැකකරු වන මහේෂ් ලසන්ත ගම්මන්පිල අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
එම චීන කාබනික පොහොර ආනයනයට පෙර ණයවර ලිපි විවෘත කිරීම මගින් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා එල්ල කර ඇත.
