සීට් බෙල්ට් නීතිය ගැන දැනුවත් කරන්න සමනලී මහ පාරට

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම වාහනවල රියදුරන් මෙන්ම සියලුම මගීන් සඳහා ද ආරක්ෂිත ආසන බඳ පටි (සීට් බෙල්ට්) පැළඳීමේ නීතිය ලබන සැප්තැම්බර් 19 වෙනිදා සිට අනිවාර්ය කිරීමට නියමිතයි. ඒ අනුව අධිවේගී මාර්ග භාවිත කරන්නන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් කොට්ටාව අන්තර් හුවමාරු මධ්‍යස්ථානයේ දී අද (25) පැවැත්විණි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සංවිධානය කරන ලද මෙම විශේෂ දැනුවත් කිරීමේ අවස්ථාව සඳහා ලංගම කාන්තා බස් කොන්දොස්තරවරියන් සමග ජනප්‍රිය රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකාද එක්ව ඇත. එහිදී ඔවුන් විසින් අධිවේගී මාර්ගයේ ගමන් ගත් රියදුරන් සහ මගී ජනතාව හමුවෙමින් ආසන පටි පැළඳීමේ වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කර තිබේ.

2025 වසරේ අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට ප්‍රථමයෙන් සැලසුම් කර තිබූ මෙම නීතිය, වාහනවල පසුපස ආසන පටි සවිකර ගැනීමට අවස්ථාව ලබාදීම ඇතුළු විවිධ හේතූන් මත වසරකට ආසන්න කාලයක් කල්දමනු ලැබීය. කෙසේ වෙතත්, ලබාදී තිබූ සහන කාලය නිමවීමත් සමග එළඹෙන සැප්තැම්බර් 19 වන දින සිට මෙම නීතිය අනිවාර්යයෙන්ම බලාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ගවල ධාවනය වන වාහනවල ගමන් ගන්නා සියලුම මගීන් සඳහා ආසන පටි පැළඳීම අනිවාර්ය කරමින් නිකුත් කළ නියෝගයට අදාළව ලබා දී තිබූ සහන කාලය දීර්ඝ කිරීමේ සංශෝධිත නියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය පසුගිය අගෝස්තු 3 වෙනිදා හිමි විය.

දිනෙන් දින ඉහළ යන රිය අනතුරු සංඛ්‍යාව පාලනය කිරීම, මරණ අවම කරගැනීම සහ බරපතල තුවාල සිදු වීම වැළැක්වීමේ අරමුණින් මෝටර් වාහන පනතේ විධිවිධාන යටතේ මෙම පියවර ගෙන ඇත.

නිෂ්පාදකයන් විසින් ආසන පටි සවි කර නොමැති වාහන සඳහා ආසන පටි විධිමත් පරිදි සවි කරගැනීමට ලබා දී තිබූ සහන කාලය 2026 ජූනි 19 දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, අදාළ පාර්ශ්වයන් විසින් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් එම සහන කාලය 2026 සැප්තැම්බර් 19 දින දක්වා තවත් මාස තුනකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

Author

1 Comment

  • මන්නාරමෙන් තෙල් ගන්න ඉන්දියාවට හෝ වෙනත් රටකට ඉඩ දුන්නොත්, ඒ රටට ඒ මුහුදු තිරය අයත් වෙනවා. මුළු පළාතම දුෂණය වෙනවා අයෙත් ධීවර කර්මාන්තය කරන්න බැ. අය්යෝ අපේ රට මන්නාරම ද්‍රෝණියේ තෙල් ගැනීමට විදෙස් රටවල් වලට දෙන්නේ ඇයි. මේ රට විකුණලා දාන්න තොපි ට අයිතියක් තියෙනවද අනුර කරුණාතිලකඉන්දියාවේ මිනිස්සු මෙහෙට ගේන්න එපා, මේවා කරන්න එපා, ඊලග ආණ්ඩුවෙන් හිරේ යන්න පුළුවන්, හර්ෂා ඉලුක්පිටිය වගේ.

    දකුණු ඉන්දියාවෙන් ගේනවන සියලු දෙනා ltte හෝ රෝ සංවිධානයේ නොවේ, කියලා ශ්‍රී ලංකා යුද හමුදාවෙන් සහතිකයක් අනිවාර්යය කරන්න.ඉන්දියාවේ හිගන්නෝ, රෝ ඔත්තුකරුවෝ හා පාතාලේ මේ රටට ගේනවා ගන්න එපා. රෝහිංග්‍යා නීතිවිරෝධී සංක්‍රමණිකයන් මේ රටින් යවන්න. ඊශ්‍රේල් චබත් වසා දමා ඔවුන් ව යවන්න. මේ රටට එන සංචාරකයන් ට වීසා ගාස්තු අය කර, එක පාර මාස 6ක් නැතුව සති 2 ට සිමා කරන්න

Comments are closed.

Related Posts