ආර්ජන්ටිනාව සහ ඇල්ජීරියාව අතර පැවැත්වුණු ආරම්භක තරගය නැරඹීමට පැමිණි අයකුට, මොහොතකට තමන් සිටින්නේ ‘ලා බොම්බොනේරා’ (La Bombonera) හෝ ජාතික ක්‍රීඩාංගණය වන ‘එල් මොනියුමෙන්ටල්’ (El Monumental) වැනි ආර්ජන්ටිනාවේ ශ්‍රේෂ්ඨ පාපන්දු ක්‍රීඩාංගණයක යැයි සිතීම සාධාරණ ය.
අඟහරුවාදා රාත්‍රියේ කැන්සාස් සිටි ක්‍රීඩාංගණය ආර්ජන්ටිනා කණ්ඩායමේ ‘ඇල්බිසෙලෙස්ටේ’ වර්ණවලින් පිරී ගොස් තිබූ අතර, 70,000කට ආසන්න ආර්ජන්ටිනා ආධාරකරුවන් ඔවුන්ගේ කණ්ඩායමට සහ ඔවුන්ගේ වීරයාට ගීත ගායනා කරන හඬින් ක්‍රීඩාංගණය ගිගුම් දුන්නේය.
ආජන්ටීනියානුවන්ට ගයන්නට බොහෝ දේ විය. ඒ ගැයුම් අසා සිටින්නට සුන්දර විය.

ආර්ජන්ටිනාව මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගත් අතර ලයනල් මෙසී එයට නායකත්වය දුන්නේය. ඇමෙරිකානු මහපොළොව දැන් ශ්රේෂ්ඨතමයාට හුරුය.
ඔහු සිය 200 වැනි ජාත්‍යන්තර තරගයේදී, විශිෂ්ට ගෝල තුනක් වාර්තා කරමින් පාපන්දු ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයා කවුදැයි හැමෝටම සිහිපත් කළේය. ඔහුගේ ක්‍රියාව තමන් සෙල්ලම් කළ තරගයට පෙර තරගයේ හාලන්ඩ්ගේ ගෝල දෙක සහ ඊටත් පෙර තරගයේ කිලියන් ම්බාප්පේගේ ගෝල දෙක සැමරූ ලොව පුරා පාපන්දු ප්‍රේක්ෂකයන්ට අපුරු සිහිපත් කිරිමක්ද විය.
ගෝල තුනක් ලබමින් ඔහු ලෝක කුසලාන තරගවලදී ජර්මනියේ මිරොස්ලාව් ක්ලෝස්ගේ වැඩිම ගෝල වාර්තාව (16) සම කළේය. ප්‍රංශයේ කීලියන් එම්බාපේ ගෝල 14ක් ලබා ගනිමින් ඔහුව පසුකර ගොස් පැය කිහිපයකට පසුව මෙම දක්ෂතාව දැක්වීම විශේෂත්වයකි.
ඇමෙරිකාවේ ඉන්ටර් මයාමි ක්‍රීඩා සමාජයේ මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරන මෙසී ලෝක කුසලාන හයකට සහභාගී වූ පළමු පිරිමි ක්‍රීඩකයා බවටද පත්විය. අද රාත්‍රියේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝද ඒ වාර්තාව සමාන කිරීමට සමත් වනු ඇත.
තරගයේ පළමු මිනිත්තු පහේදී දඬුවම් පහර කලාපය අසලදී ලැබුණු පන්දුවකින් මෙසී ආර්ජන්ටිනාවේ පළමු ගෝලය වාර්තා කිරීමට ඉතා ආසන්න විය. ඔහුගේ පහර ඉතා නිවැරදිව එල්ල වූ නමුත්, සහායක විනිසුරු තෝමස් ලිස්ට්කිවික්ස් සුළු පරතරයක් මත ‘ඕෆ්සයිඩ්’ ලකුණු කරන ලදී. මිනිත්තු දෙකකට පසු, ඇල්ජීරියානු වින්ගර් ෆරෙස් චයිබි ද ඒ හා සමාන සුළු පරතරයකින් ඕෆ්සයිඩ් වීම නිසා ඔහු ලබාගත් ගෝලය ද අවලංගු විය. එහෙත් තරගයේ උණුසුම වැඩි විය.
17 වැනි මිනිත්තුවේදී ආර්ජන්ටිනාව පෙරමුණට ගෙන ඒමට මෙසී වැඩි කාලයක් ගත නොකළේය. ඔහුගේ ඉන්ටර් මයාමි කණ්ඩායමේ සගයා වන රොඩ්රිගෝ ඩි පෝල් යාර 40ක් දුරින් සිට මෙසීට පන්දුව ලබා දුන් අතර, ඉන්පසු පන්දුව තෙවරක් ස්පර්ශ කරමින් ගෝලය වෙත ගියේය. කිසිදු ආරක්ෂක ක්‍රීඩකයෙකු අසල නොසිටි බැවින්, දඬුවම් පහර කලාපයේ කෙළවරේ සිට ඔහු එල්ල කළ ප්‍රබල පහර ඇල්ජීරියානු දැල් රකින්නා වන ලූකා සිඩාන්ට වළක්වා ගත නොහැකි වූ අතර, එය ඔහුගේ ඇඟිලි තුඩුවල ගැටී ගෝලය තුළට ඇදී ගියේය.
මෙසීට දෙවැනි ගෝලය පළවැන්නට වඩා අනායාසයකින් වාර්තා කළේය. ඇලෙක්සිස් මැක් ඇලිස්ටර් යාර තිහේ සිට එවූ පහරක් සුඩාන්ගේ වැළැක්වීමකින් පසු මෙසී දෙසට යොමු විය. කිසිදු අපහසුවකින් තොරව මෙසී එය ගෝලයක් බවට හැරවීය.
මෙසීට ගෝල් දෙකක් ප්‍රමාණවත් නොවීය. ඔහු හැට්ට්‍රික් එකක් සම්පූර්ණ කළේ, 76 වැනි මිනිත්තුවේදී. එය විශිෂ්ඨතම ගෝලය වුණේ, ආරක්ෂක ක්‍රීඩකයන් තුන්දෙනෙකු මගහරිමින් ගෝල් කීපර්ට කිසිසේත් ළගා විය නොහැකිවය. ඉන් ටිකකට පසු මෙසී ක්‍රීඩා පිටියෙන් ඉවත් විය.
ලෝක ශ්‍රේණිගත කිරීම්වල 28 වැනි ස්ථානයේ පසුවන ඇල්ජීරියානුවන් වසර 12 කට පසු ලෝක කුසලානයට පැමිණීමෙන් අනතුරුව, ප්‍රධාන පුහුණුකරු ව්ලැඩිමීර් පෙට්කොවික් යටතේ නව ජීවයක් ලබා වඩාත් සතුටුදායක ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන්නට ඇත. මීට වඩා ශක්තිමත් ලෙස ඔවුන් ක්‍රීඩා කරනු ඇතැයි බොහෝ දෙනෙකු සිතන්නට ඇත. එහෙත්, මේ තරගයේදී ඔවුන්ගේ ආරක්ෂාවේ දුර්වලතා දක්නට ලැබුණි.
කෙසේ වෙතත් මේ තරගය මෙසීගේ තරගයකි.
