ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව ලේකම්වරයා ලෙස පසුගිය මස ඡන්දයෙන් පත්වූ මාධව බණ්ඩාර සෙනරත් මහතා, සිය ධුරයට පත්වී මසක් ගතවීමටත් පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. සංගමය තුළ පවතින අහිතකර වාතාවරණය සහ බාහිර මැදිහත්වීම් මෙම ඉල්ලා අස්වීමට ප්‍රධාන හේතුව වී ඇති බව වාර්තා වේ.
සභාපතිවරයා වෙත ලිඛිතව සිය ඉල්ලා අස්වීම දැනුම් දෙමින් සෙනරත් මහතා ඒ සඳහා පුද්ගලික හේතූන් බලපෑ බව සඳහන් කර ඇත. කෙසේ වෙතත්, ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මලල ක්‍රීඩා පරිපාලනය සැලසුම් කළ පරිදි ස්වාධීනව පවත්වාගෙන යාමට සුදුසු වටපිටාවක් සංගමය තුළ නොමැති වීම මෙම තීරණයට තුඩු දී ඇති බවයි.
විශේෂයෙන්ම, හිටපු සභාපතිවරයකුගේ අනවශ්‍ය මැදිහත්වීම් හමුවේ රාජකාරි කිරීමට ඇති අපහසුතාව පිළිබඳව ඔහු සිය හිතවතුන් කිහිපදෙනෙකු සමඟ අදහස් දක්වා ඇති බවද පැවසේ.
පසුගිය මාර්තු 12 වැනිදා පැවති නිලවරණයේදී මාධව බණ්ඩාර සෙනරත් මහතා ඡන්ද 64ක් ලබාගනිමින් ලේකම් ධුරයට තේරී පත් වී ඇත්තේ, ඡන්ද 35ක් ලබාගත් වෛද්‍ය ධම්මික සේනානායක මහතා පරාජයට පත් කරමිනි.
ලේකම්වරයාගේ මෙම හදිසි ඉල්ලා අස්වීමත් සමඟ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ පරිපාලනමය අර්බුදයක් නිර්මාණය වී ඇත. මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා 21 විශේෂ විධායක කමිටු රැස්වීමක් කැඳවා ඇති අතර, එහිදී ඉදිරි පියවර සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිතය.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණා. ඔහු සඳහන් කරන්නේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ අර්බුධයක් පවතින් බවයි.
“මලල ක්‍රීඩා සංගමයේ ලේකම්තුමා ඉල්ලා අස්වෙලා තියෙනවා හේතුව දන්නේ නැහැ. නමුත් මට තේරෙන්නේ එතන අර්බුධයක් තියෙනවා මලල ක්‍රීඩා සංගමයේ… අපි තවම පත් වුණා විතරයි. හොයල බලමු අපි සාකච්ඡාවක් කරලා… කොහොම වුණත් නිළධාරීවාදයට යටවෙන්න දෙන්නේ නැහැ ක්‍රීඩා සංගම්, මොකද ඒවා අපේ රටේ ක්‍රීඩාවන්, රටේ ක්‍රීඩකයෝ ඉන්නේ, ඒ නිසා මේ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ අවශ්‍යතාවයන්ට ක්‍රීඩාවන් තියෙන්න බෑ… ඒ වෙනුවෙන් අපි අදාළ ක්‍රියාමාර්ග ගන්නවා.” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.
