මේක දේශපාලන කතාවක් නෙමෙයි. සරලවම කියනවනං ඔයා මේක කියවන්න ඕන ඔයාට රඟපෑම ගැන පුංචි හරි උනන්දුවක් තියෙනවනං විතරයි. ඒ වගේම ඔයාට ගෙදරදීම රංගනය ඉගෙනගන්න, කරන්න පුළුවං පුංචි අභ්‍යාසයක් විදියටත් මේක ගන්න පුළුවන්.
පොඩ්ඩක් බලන්න මේ පහල තියෙන video එක දිහා. මේ පුද්ගලය ගේට්ටුවෙන් එබිල කියනව ‘පාර්ලිමේන්තු මන්ත්‍රිතුමා ඇවිල්ල තියෙන්න’ කියල. ඒකට ලැබෙන reply එක තමයි. ‘එන්ඩ එන්ඩ, බැහැල එන්ඩ’ කියන එක. අන්න ඊට පස්සෙ ඒ පුද්ගලයගෙ reaction එක හොඳට බලන්න.
Stanislavsky acting methods වලදි මේකට කියන්නෙ Beat change කියල. ඒ කියන්නෙ Actor තමන්ගෙ ඉදිරියේ ඉන්න අනෙක් නළුවගේ හෝ වෙනත් දෙයක ප්‍රථිචාරය absorb කරගන්නව සහ එතනින් පස්සෙ එයාගෙ ඊළඟ line එකට තමන්ගෙ acting beat එක change කරගන්නව.
මේක තේරැම්ගන්න පහසු යෙදුම තමයි Active Pause කියන එක. මේ Active Pause එකේදි actor ගෙ පැත්තෙං intention එකක්, ඒ කියන්නෙ ‘චේතනාවක් හෝ අරමුණක් තියෙනව’. බලන්න එයාට ඕන ‘අපේ පාර්ලිමේන්තු මන්ත්‍රි තුමාට’ ලැබිය යුතු, එයා හිතාගෙන ඉන්න ‘වටිනා කම’, ‘ගෞරවය’ හෝ ‘තැන’ පෙන්නන්න. ඒත් ඒකට ලැබෙන ප්‍රථිචාරය එයා හිතපු එක නොවෙනකොට අන්න අර inner action එක එලියට එනව. Active Pause එකක වැදගත්ම කොටස මේ inner action එක. මේක audience එකට visible කරන එක තමයි actor ගෙ වැඩේ. බලන්න ඒ මූණ දිහා. එයා ගන්න time එක සහ pause එක. ඒක මාරයි. ඒක පිටිපස්සෙ ලංකාවෙ දේශපාලන ඉතිහාසය සහ දේශපාලන අනාගතය කියන දෙකම තියෙනව. එච්චර වපසරියක් මූණක පෙන්න එක ලේසි නෑ. ඒකට ඉතිං අවට පරිසරය, extra cast එක වගේම background එකත් හදන්න ඕනි. ඒ ටික තියෙන්නෙ director ගෙ අතේ. ඒත් බලන්න එයාගෙ අත, මූණ හෙවත් සමස්ථ ශරීරය මේ ප්‍රකාශනය තීවෘ කරනව හැටි, ඒ වගේම dramatize (නාටකීය) කරන හැටි. බලන්න ඒක මාර ආතල් active pause එකක් නේද කියල.
ඉතිං ඔයාලටත් පුළුවං මේක practice කරන්න. මේ වගේම ගේට්ටුවෙං එබිල පොලිස් ස්ථානයකට කතාකරණව කියල හිතාගෙන මේක කියන්න. ඊට පස්සෙ කෙලිං හිටගෙන, වාඩි වෙලා වගේ විවිධ ඉරියව් වලිනුත් මේක කරන්න ඔයාට පුළුවං.
ඉතිං මේක රඟපෑම ඉගෙනගැණීම වෙනුවෙන් ඔයාට උපයෝගී කරගන්න පුළුවන් වටිනා අභ්‍යාසයක්.
විහිලුවට ගන්න එපා යකුණේ, මම මේ සීරියස් රඟපෑමේ අභ්‍යාසයක් උඹලට කිව්වෙ.
උපුටා ගැනීම – Thumindu Dodantenna ෆේස්බුක් පිටුවෙනි
