සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංවර්ධනය කිරීමට සහ පුළුල් කිරීමට ඉදිරිපත් කරන ලද උනන්දුව ප්‍රකාශ කිරීම් (EOIs) ඇගයීමේ ප්‍රතිඵල, සිනොපෙක් විසින් හම්බන්තොට සිදු කිරීමට නියමිත, දැනටමත් ප්‍රමාද වී ඇති, ඩොලර් බිලියන 3.7 ක ආයෝජන ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යනවාද නැද්ද යන්න තීරණය කිරීමේදී තීරණාත්මක සාධකයක් වනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් The Sunday Morning පුවත්පතට ප්‍රකාශ කර ඇත.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) වෙත සපුගස්කන්ද සඳහා EOIs 20ක් ලැබී ඇති අතර, ඒවා පසුගිය සතියේ ඇගයීමට ලක් කර ඇති බව දැනගන්නට ලැබේ.
එසෙ ඇගයීමට ලක් කිරීමෙන පසු, තොරතුරු මෙම සතියේ ලැබීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය සඳහා EOIs ඉදිරිපත් කළ පාර්ශ්වයන් අතර සිනොපෙක් ද වේ.
විශ්වාසනීය ආරංචි මාර්ගවලට අනුව, රජය විසින් සිනොපෙක් වෙත දේශීය වෙළෙඳපොළ කොටස සියයට 20 සිට සියයට 40 දක්වා වැඩි කිරීමට කරන ලද ඉල්ලීමට ප්‍රතිචාර දක්වා නැත. EOI ඇගයීමේ ප්‍රතිඵල හම්බන්තොට ආයෝජනය සමඟ ඉදිරියට යනවාද යන්න පිළිබඳ සිනොපෙක් සමාගමේ තීරණයට තීරණාත්මක බලපෑමක් ඇති කරනු ඇත.
මෙම ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුම මේ වසර මුලදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන රාජ්‍ය සංචාරය අතරතුර, බලශක්ති අමාත්‍යාංශය සහ ප්‍රමුඛතම චීන ජාත්‍යන්තර ඛනිජ තෙල් සංස්ථාවක් වන සිනොපෙක් අතර අත්සන් කරන ලදී.
මෙම ඩොලර් බිලියන 3.7 ක ආයෝජනය යටතේ, දිනකට බැරල් 200,000 ක ධාරිතාවක් සහිත අති නවීන තෙල් පිරිපහදුවක් හම්බන්තොට ඉදිකිරීමට නියමිතය. එම පිරිපහදුව නෞකා සඳහා සහ අපනයන සඳහා යොදාගැනීමට නියමිතය.
මෙලෙස නිපදවන තෙල් දේශීය වෙළඳපළට ඇතුළු කිරීමේදී සීයට 20ක සීමාවක් පනවා ඇති අතර, එය වැඩි කරනු ඇතැයි එම සමාගම අපෙක්ෂා කර තිබුණි.
මේ සම්බන්ධයෙන් CPC කළමනාකාර අධ්‍යක්ෂ (MD) ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ මහතාගෙන් මෝනිං පුවතපත විමසූ විට ඔහු මෙසේ පැවසීය: “සිනොපෙක් ඔවුන්ගේ නිෂ්පාදනවලින් සියයට 40ක් දේශීය වෙළෙඳපොළ තුළ විකිණීමට අවසර ඉල්ලා සිටියත්, එම අනුමැතිය ලබා දී නැහැ. දේශීයව විකිණීම සඳහා මූලික ගිවිසුම වූයේ සියයට 20කට පමණක් වන අතර, රජය එම ස්ථාවරයේම සිටිනවා.” යනුවෙන ප්‍රකශ කර තිබුණි.
“සිනොපෙක් සපුගස්කන්ද පිරිපහදු එකටත් කැමැත්ත පළ කිරීමක EOI ඉදිරිපත කළා. මම හිතන්නේ ඔවුන්ට තිබුණු අවස්ථා මොනවද කියලා දැනගන්න ඔවුන්ට අවශ්‍ය වෙන්න ඇති, ඒ වගේම ඔවුන්ට ප්‍රතිශතය වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා ඔවුන් හිතන්න ඇති. නමුත් EOI ක්‍රියාවලිය මෑතකදී ආරම්භ කළ නිසා තවම සාකච්ඡාවක් වෙලා නැහැ” යැයි ඔහු වැඩිදුරටත් පවසා ඇත.
“නිල වශයෙන්, ලංසු විවෘත කිරීමේ කමිටුව සුදුසුකම් ලැබූ ලංසුකරුවන් ගණන අපට ලබා දී නැහැ, මොකද ඇගයීම කළේ පසුගිය සතියේ විතරයි. නමුත් මම දන්න විදිහට EOI 20ක් විතර ලැබිලා තියෙනවා. සුදුසුකම් ලත් සමාගම් මොනවද කියලා දැනගන්න අපි ලබන සතියේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා. සිනොපෙක් ඒ අතර ඉන්නවා, ඒ නිසා ඔවුන් අනිවාර්යයෙන්ම සුදුසුකම් ලබාවි,” යැයි ආචාර්ය නෙත්තිකුමාරගේ මහතා සඳහන් කළේය.
හම්බන්තොට පිරිපහදුව කෙරෙනවාද, නැද්ද යන අනාගතය සපුගස්කන්ද EOI ප්‍රතිඵල මත රඳා පවතීදැයි ඇසූ විට CPC කළමනාකාර අධ්‍යක්ෂවරයා මෙසේ පැවසීය: “එය EOI මත රඳා පවතින්නේ නැහැ, නමුත් එය තීරණාත්මක සාධකයක් වේවි. ඔවුන්ගේ තීරණය මේක මතම රඳා පවතිනවා කියන එක නෙවෙයි. සමාගමක් ස්ථාන දෙකක ආයෝජනය කරන විට, ඔවුන් එක්-පාර්ශ්වික නිගමනයකට පනිනවාට වඩා සමස්ත තත්වය කුමක්දැයි බැලීමට උනන්දු වෙයි. සියයට 40ක් නොලැබුණොත් ආයෝජනය ඉවත් කර ගන්නවා කියලා සිනොපෙක් කිසි විටෙකත් කිව්වේ නැහැ. එවැනි නිගමනයක් නැහැ.”
හම්බන්තොට ආයෝජනය ආරම්භ කිරීම සඳහා ඇතිව තිබෙන දිගු ප්‍රමාදය ගැන විමසූ විට ඔහු මෙසේ පැවසීය: “ඔව්, දැන් අවුරුද්දක් වෙනවා, නමුත් එකම දේ තමයි, මේ අතරතුර අපි මේ EOI එක ප්‍රකාශයට පත් කළා. හමබන්තොට ඩොලර් බිලියන 3.7 ක සහ සපුගස්කන්ද ඩොලර් බිලියන 3 ක ආයෝජන නිසා – සම්පූර්ණයෙන් ඩොලර් බිලියන 6.7 ක් විතර – එවැනි විශාල ආයෝජනයක් සඳහා ඔවුන්ට අවුරුද්දක් බලා සිටීම එතරම් දිගු කාලයක් නෙවෙයි. ඒ වගේම මේක කාලය ගැන විතරක් නෙවෙයි, මේක උපාය මාර්ගික තීරණයක්. ව්‍යාපෘතියේ උපාය මාර්ගික වැදගත්කම සලකා බලන විට මාස කිහිපයක් බලා සිටීම එතරම් වැදගත් නැහැ.”
