රජයේ නිලධාරින්ට ගෙවන ඉන්ධන දීමනාව වෙළෙඳපොල මිල අනුව යළි සකසයි

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් රජයේ වියදම් පාලනය කිරීම වෙනුවෙන් රජයේ නිලධාරින්ට ඉන්ධන දීමනාව ගෙවීම සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය කැබිනට් මණ්ඩල තීරණයක් මත භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම අවලංගු කර ඇත.

ඒ අනුව 2026 මාර්තු 01 දින පැවති ඉන්ධන මිල අනුව රජයේ නිලධාරින්ට ඉන්ධන දීමනාව ගෙවීම සඳහා නිකුත් කරන ලද 2026,04.02 දිනැති 01/2026 ජාතික අයවැය චක්‍රලේඛය අවලංගු කර ඇත.

2026 මාර් 01 දින පැවති ඉන්ධන මිල වූයේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 293ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 281ක් වශයෙනි. ජුනි 29 වැනිදා සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් 414ක් හා ඔටෝ ඩීසල් ලීටරයක් 382ක් වශයෙන් පවතින අතර ඉන්ධන දීමනාව වශයෙන් එම මිල ලබා ගැනීමේ හැකියාව රජයේ නිලධාරින්ට මේ අනුව හිමිවේ.

මේ සම්බන්ධයෙන් වන දැනුම් දීම ජුලි 01 දින සහිතව භාණ්ඩාගාර ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන්, විශේෂ වියදම් ඒකක හා කොමිෂන් සභාවල ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් හා දිස්ුත්‍රික් ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත යොමු කර ඇත.

එහි පිටපත් ජනාධිපති ලේකම්, අගමැති ලේකම්, අමාත්‍ය මණ්ඩලයේ ලේකම්, මුදල් කොමිෂන් සභාවේ සභාපති හා විගණකාධිපතිවරයාට යොමු කර ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading