චම්පිකගේ දැනුම් දීමට රියදුරකු පොලීසියට ඉදිරිපත් කළා-හිටපු පෞද්ගලික සහකාර සාක්ෂි දෙමින් කියයි

රාජගිරියේ සිදුවූ රිය අනතුරෙන් පසු හිටපු ඇමති චම්පික රණවකගේ දැනුම් දීම මත රියදුරකු පොලීසියට ඉදිරිපත් කළ බව එම සමයේ හිටපු ඇමතිවරයාගේ පෞද්ගලික සහායකයකු වශයෙන් කටයුතු කළ හර්ෂ බණ්ඩාර තිලකසිරි කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි දෙමින් ජුනි 25 දින පවසා ඇත.

රාජගිරියේ එම අනතුර සිදුවූ බව කියන 2016 පෙබරවාරි 28 දින රාත්‍රියේ තම පෙම්වතිය වන ලී නැමැති විදේශීය කාන්තාවක හා රියදුරු අල්විස් සමඟ බොරලැස්ගමුව ඇවිදින මන්ත්‍රීරුවේ ශාරීරික ව්‍යායාම් කරමින් සිටි බවත්, එම අවස්ථාවේ රියදුරු අල්විස්ට විත්තිකාර චම්පික රණවක දුරකතන ඇමතුමක් ලබාදී අනතුරක් සිදුවූ බවත්, බොරැල්ල පොලීසියට ඉදිරිපත් වන ලෙස දැනුම් දුන් බවත් පවසා ඇත.

ඒ පිළිබඳ තහවුරු කර ගැනීමට ඔහු හිටපු ඇමතිවරයාට ඇමතුමක් ලබාදුන් බවත්, එවිට ඇක්සිඩන්ට් එකක් වුනා පොලීසියට රිදුරෙකු යවන්න යැයි පැවසු බවත්, බොරලැස්ගමුවේ සිට බොරැල්ලට රියදුරෙකු යැවීමේදී කාලයක් ගතවන නිසා අල්විස් වෙනුවට අනෙක් රියදුරු වන තුසිත නැමැත්තාව යැවූ බවත් පවසා ඇත.

තමා පෙරළා නිල නිවසට පැමිණි අවස්ථාවේ හිටපු ඇමතිවරයා එහි සිටි බවත්, ඔහු චකිතයකින් සිටි බව පෙණුන බවත් ඔහු වැඩිදුරටත් පවසා ඇත.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading