විජයදාස ගත් වාරණයට එරෙහිව චමුදිත අධිකරණයට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක හරක් කටාට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ යූ ටියුබ් වැඩසටහනක් අධිකරණ නියෝගයක් මගින් විජයදාස රාජපක්ෂ විසින් අත්හිටුවීමට එරෙහිව යළි අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම තීරණය කර තිබේ.

හරක් කටාව රෑඳවුම් නියෝගවලින් මුදා හැරීම, ඔහුට අවශ්‍ය තැනක රැඳවා තබා ගැනීම හා ඔහුව මරණයට පත් කිරීමෙන් වළක්වා ගැනීම සඳහා රුපියල් මිලියන 2000 ක මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් වර්තමානයේ හෙළිදරව් වී ඇති කරුණු සම්බන්ධයෙන් මීට පෙර සිය යූ ටියුබ් නාලිකාව මගින් චමුදිත සමරවික්‍රම විසින් වැඩසටහනක් ඉදිරිපත් කර ඇති අතර ඒ කීර්ති රත්නායක සමඟිනි.

තමාට අපහාසයක් සිදුවී ඇති බවට නඩුවක් ඉදිරිපත් කරමින් විජයදාස රාජපක්ෂ ගංගොඩවිල දිසා අධිකරණයෙන් එම වැඩසටහන ප්‍රචාරය වීම වැළැක්වීමට තහනම් නියෝගයක් ලබාගෙන ඇත. චමුදිත සමරවික්‍රම මෝසමක් මගින් එම නඩුව කැඳවා එම සිදුවීම සම්බන්ධයෙන් වන වර්තමාන තත්වය පිළිබඳව කරුණු දක්වා වාරණ නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading