ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ හය වන අදියර සඳහා ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩාකරන ක්‍රීඩකයින් සහභාගී වන බව LPL සංවිධායකයින් නිවේදනය කර ඇත.
මෙය ඉන්දීය කණ්ඩායමේ දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියකට සහභාගී වන පළමු අවස්ථාවයි.
මීට පෙර, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ඉන්දීය ක්‍රීඩකයින් පමණක් LPL සඳහා ක්‍රීඩා කර තිබුණා.
සාමාන්‍යයෙන්, ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් ඉන්දීය සංචිතගත හෝ IPL සඳහා ක්‍රීඩා කරන කිසිදු ඉන්දීය ක්‍රීඩකයෙකුට ලෝකයේ වෙනත් විදේශීය ලීග් තරග සඳහා සහභාගී වීමට අවසර ලබා නොදීම මෙයට හේතුවයි.
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ හයවන අදියර දෙසැම්බර් 1 වනදා ආරම්භ වීමට නියමිතයි.
මෙම තරගාවලිය එළැඹෙන 2026 විස්සයි20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම කාල සීමාවේ පවත්වන බව තරග සංවිධායකයින් සඳහන් කර තිබෙනවා.
විස්සයි20 තරගාවලි රටාවට අනුව, මෙහි ලීග් තරග 20ක් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග 4ක් ඇතුළුව මුළු තරග 24ක් ඇතුළත් වනවා.
LPL හි හයවන අදියර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ, මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතයි.
එහිදී පාකිස්ථානය ඉන්දියාවේ එකදු තරගයක්වත් ක්‍රීඩා නොකරනු ඇත.
මෙම තරගාවලියේ එක් අවසන් පූර්ව තරගයක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතයි.
අවසන් මහා තරගයට පාකිස්ථානය සුදුසුකම් ලැබුවහොත්, එම තරගයද ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත අතර පාකිස්ථානය සුදුසුකම් නොලැබුවහොත් එම තරගය ඉන්දියාවේ ඊඩ්න් ගාඩ්න් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
