රුමේෂ් තරංග හෙල්ලයේ අවසන් වටයට!

ජපා­නයේ ටෝකි­යෝ­හිදී පැවැ­ත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියේ හෙල්ල විසි­කි­රීමේ පිරිමි ඉසව්වේ අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබා ගැනී­මට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

ඊයේ පැවති මේ ඉසව්වේ සුදු­සු­කම් ලැබීමේ වට­යේදී ‘බී’ කාණ්ඩ­යෙන් තරග කළ රුමේෂ් මීටර් 82.80ක දක්ෂ­තා­වක් සම­ඟින් අව­සන් තර­ග­යට වරම් හිමි­කර ගත්තේය. එම තර­ග­යට එක්වූ ක්‍රීඩ­ක­යන් 18 දෙනා අත­රින් ඔහු දැක්වූ දක්ෂ­තාව 6 වැනි තැනට පත්ව තිබිණි.

අව­සන් තරග වරම් ලැබූ ක්‍රීඩ­ක­යන් 12 දෙනා අත­රින් රුමේෂ් 12 වැනියා ලෙස සිටි අතර, මීටර් 86.50ක හොඳම පෞද්ග­ලික දක්ෂ­තාව සම­ඟින් ශ්‍රී ලංකා වාර්තා­වට හිමි­කම් කියන ඔහු ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල 12 වැනි ස්ථානයේ පසු වෙයි. රුමේෂ් එක් වන මේ ඉසව්වේ අව­සන් මහ තර­ගය අද (18) මෙරට වේලා­වෙන් පස්වරු 3.35ට ආරම්භ වීමට නිය­මි­තය.

මේ අතර එම ඉස­ව්වේදී ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග කළ සුමේධ රණ­සිං­හට අව­සන් තර­ග­යට එක් වීමේ අව­ස්ථාව අහිමි වී ගියේය. ඔහු සුදු­සු­කම් ලැබීමේ වට­යේදී මීටර් 81.86 දක්ෂ­තා­වක් දැක්වූ අතර, එම කාණ්ඩයේ ක්‍රීඩ­ක­යන් 19 දෙනා අත­රින් ඔහුට හිමි වූයේ 8 වැනි ස්ථාන­යයි. සමස්ත ක්‍රීඩ­ක­යන් 37ක් එක් වූ මේ ඉස­ව්වේදී සුමේධ වාර්තා කළ දුර අනුව 15 වැනි ස්ථාන­යට පත්ව තිබිණි. මීටර් 85.78ක හොඳම දක්ෂ­තා­වක් පෙන්වා ඇති සුමේධ ලෝක ශ්‍රේණි­ගත කිරී­ම්වල 30 වැනි ස්ථානයේ පසු වෙයි.

මේ ශූර­තා­ව­ලි­යට ශ්‍රී ලංකාව නියෝ­ජ­නය කර­මින් නදීශා රාම­නා­යක ද එක්වූ අතර, ඇයට මීටර් 400 මූලික වට­යෙන්ම ඉවත් වීමට සිදු විය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading