2025 වසරේ මෙරට ආර්ථික වර්ධනය 4.5 % ක් ! ලබන වසරේ දී ඉලක්ක ගත සීමාවට එනවා ! – මහ බැංකුව කියයි.

මෙම වසරේ දී මෙරට ආර්ථික වර්ධනය 4.5 % ක් වනු ඇති බවත්, පසුගිය වසරේ දී සහ මෙම වසරේ පළමු කාර්තුවේ දී අත් කර ගත් ආර්ථික වර්ධනය දෙවැනි කාර්තුවේ දීත් ශක්තිමත් ව අත් කර ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්, මුදල් ප්‍රතිපත්ති වාර්තාව නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය දා ප්‍රකාශ කර සිටියා.

තව ද මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී ද ශක්තිමත් ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසා සිටියා.

කෙසේ වුවත්, වත්මන් ගෝලීය ආර්ථිකයේ පවතින අවිනිශ්චිත ස්වභාවය හා භූ දේශපාලනික තත්ත්වය මෙම ආර්ථික වර්ධනය සම්බන්ධ අනාවැකි සඳහා බලපෑම් එල්ල කළ හැකි බව ද පවසා සිටි මහ බැංකුව, මෙම වසරේ තෙවැනි කාර්තුවේ දී උද්ධමනය ධනාත්මක සීමාවට පැමිණෙනු ඇති බවත්, ලබන වසරේ මැද භාගයේ දී උද්ධමනය ඉලක්ක ගත 5 % සීමාවට පැමිණෙනු ඇති බවත් වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading