නිෂ්පාදන ක්‍රියාකාරකම්වල කැපී පෙනෙන වර්ධනයක් ! ඉදිරි මාස තුන පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක්

නිෂ්පාදන අංශයේ ශ්‍රී ලංකා ගැනුම්කරුවන්ගේ දර්ශකය 2025 ජුනි මාසයේ දී වාර්තා කළ ඒකක 51.9 ට සාපේක්ෂව ජූලි මාසයේ දී වැඩි වේගයකින් ඉහළ යෑමක් වාර්තා කර ඇති අතර, එය ඒකක 62.2 ක වැඩි වේගයකින් ඉහළ යාමක් ලෙසයි සටහන් වී තිබුණේ.

පසුගිය වසරේ ජූලි මාසයේ දී මෙම අගය සනිටුහන් වූයේ, ඒකක 59.5ක් ලෙසයි.

ඒ අනුව මෙහි දී නිෂ්පාදන අංශයේ මෙම වර්ධනය සඳහා නිෂ්පාදන ක්‍රියාකාරකම් කැපී පෙනෙන වර්ධනය හේතුව වී ඇති අතර, එහි දී නව ඇණවුම් සහ නිෂ්පාදන උප දර්ශක 50.5 සිට 67.5 ක් දක්වා වැඩි වේගයකින් ඉහළ යෑමට ආහාර හා පාන වර්ග නිෂ්පාදන මෙන්ම රෙදිපිළි ඇඟලුම් අංශවල ඉහළ ක්‍රියාකාරීත්වය ද සහාය වී තිබෙනවා.

කෙසේ නමුත්, ජූලි මාසයේ දී සේවා නියුක්ති උප දර්ශකය 55.0 ක් ලෙස කඩඉම් මට්ටමින් ඉහළට පැමිණ ඇති අතර, නිෂ්පාදන සහ නව ඇණවුම් වල මිල ඉහළ යෑම අනුව තොග මිල දී ගැනීම් උප දර්ශකය 50.5 සිට 59.5 ක් දක්වා තවදුරටත් ඉහළ ගොස් ඇති බවයි සටහන් වන්නේ.

මේ පිළිබඳව අදහස් දක්වන මහ බැංකුව කියා සිටිනු ලබන්නේ, ගෝලීය වෙළඳ ආර්ථිකයේ අවිනිශ්චිත ස්වභාවයක් තිබෙන නමුත්, මෙරට නිෂ්පාදන අංශයේ ඉදිරි මාස තුන පිළිබඳ ධනාත්මක අපේක්ෂාවක් තබා ගත හැකි බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading