ආචාර්ය විසාකේස චන්ද්‍රසේකරම් විසින් රචිත The boy and the president under the smoke cloud of 83 Black July හි සිංහල සටහන කසුන් පුස්සවෙල ෆෙස්බුක්හි ලියාතිබුණා. ඒ මෙසේය…
ඒ 1983 ජූලි 25 වැනිදාය. ඔහු ‘එම්’ අකුරෙන් අවසන් වන දෙමළ නමක් දරන 13 හැවිරිදි කුඩා පිරිමි ළමයෙකි. උදෑසන ඔහුව පාසලට රැගෙන ආ සීටීබී බසය පාමංකඩ හන්දියේ අතහැර දමා තිබූ දැවී අඟුරු වූ මෝටර් රථ කිහිපයක් පසුකරමින් සෙමෙන් සෙමෙන් ගමන් ගනිද්දී එම දැවුනු රථ වලින් තවමත් දුර්වල දුමාරයක් නිකුත් කරමින් තිබිනි. රාජකීය විද්‍යාලයේ කනිෂ්ඨ ක්‍රීඩා පිටියේදී ඔහුගේ පීටී ගුරුවරයා පැවසුවේ දෙමළ ජනතාව මෙවර පාඩමක් ඉගෙන ගත යුතු බවයි. පන්තියේ අනෙක් සිසුන් හිස සියළු දෙනා හැරී බැලුවේ ඒ කුඩා දරුවාගේ වරදකාරී මුහුණ පරීක්ෂා කිරීමටය. ඔහු සිංහල පන්තියේ සිටි එකම ‘දෙමළ’ දරුවා විය. පැයකට පසු 8 ශ්‍රේණියේ පන්තිකාමර අසලදී සිංහල සිසුන් පිරිසක් දෙමළ සිසුන්ට පහර දෙන අයුරු ඒ ළමයා දුටුවේය. එහෙත් ඒ කාලගෝට්ටිය නවත්වන්න ගුරුවරු කවුරුත් එහි හිටියේ නැත. පෙරවරු 11 ට පමණ ගුරුවරු පාසල වසා දමන බව ප්‍රකාශ කළහ. ඒ පොඩි දරුවා බස් හෝල්ට් එකට පැමිණියේය. බස්රථ කිසිවක් නොපැමිණුන නිසා ඔහු කොළඹ විශ්වවිද්‍යාලය පසුකරමින් රීඩ් මාවතේ තනිව ගමන් කිරීමට පටන් ගත්තේය. තුම්මුල්ල හන්දියේ සාන්චි විහාර් අවන්හලේ (දැන් ශ්‍රී විහාර්) ඉදිරිපස ටෙන්ට් වහලය මිනිසුන් කිහිප දෙනෙකු ගිනි තබනු ඒ ළමයා දුටුවේය. බුලර්ස් පාරේ කොළඹ බිත්තර සමාගමේ අලෙවිසැල ඉදිරිපිට බිත්තර පෙට්ටි සහ කේස් විසිරී තිබුණි.
බම්බලපිටිය හන්දියේ, ඉලස්ටෝ දැන්වීම් පුවරුව අසලදී, කුඩා දරුවකු වඩාගෙන, විශාල බඩු ගෝනියක් හිස මත බැලන්ස් කර ගනිමින්, කළු පැහැ සමක් ඇති, දෙමල කාන්තාවක් සිටිනු ඒ දරුවා දුටුවේය. ඒ ගැහැනිය ගම්පහට යන්නේ කොහොමද කියලා කැඩිච්ච සිංහලෙන් අහනවා ඒ දරුවාට ඇසිනි. ගාලු පාර දිගේ දරුණු ලෙස ගිනිගෙන දැවෙන සාරි කඩ පසුකරමින් ඒ දරුවා දෙහිවල තම බෝඩිම වෙත ඇවිද ගියේ ඒ ගැහැනියගේ අසරණ මුහුණ පිළිබඳ මතකය මකා දමා ගැනීමට නොහැකිවය. පිරිමි ළමයා දැන් මෙහෙරූ මිනිසෙකි, නමුත් ඔහු තවමත් අර කුඩා දරුවා වඩාගෙන සිටින කෙසඟ ගැහැනිය ගැන කල්පනා කරමින් එදින ආරක්ෂිතව තම ගමනාන්තයට ළඟා වීමට ඇයට හැකි වූවාද නැතහොත් දූෂණයට සහ ඝාතනයට ලක් වූ තවත් සිය ගණනක් කාන්තාවන් අතර ඇය සිටියාද යන්නයි. ඒ දරුවා මමයි. දැන් මට වයස අවුරුදු 52 යි. එදා මම දුටු දේ තවත් කිසිම ළමයෙක් දැකිය යුතු නැත.
ශ්‍රී ලංකා රජයේ හමුදා සහ එල්.ටී.ටී.ඊ වැනි ත්‍රස්තවාදී කණ්ඩායම් විසින් සිදු කරන ලද ගණන් කළ නොහැකි තරම් වූ අපරාධ සහ සමූලඝාතන අපට මතක් කර දෙමින් එම අඳුරු දුම් වළාවන් තවමත් අපගේ හිසට ඉහළින් එල්ලා තිබේ. මේ අඳුරු වළාකුළු අතරින් අප බලාපොරොත්තුවේ නිල් අහස දැකිය යුතු අතර, ඒ සඳහා ඇති එකම ක්‍රමය, අප මෙම කුරිරුකම්වලට සෘජුව හෝ වක්‍රව සම්බන්ධ වුවද නොවුවද නොවුවද, අප එකිනෙකාගෙන් සමාව අයැදීමයි. ඒ මෙම කාලකණ්ණි ජාතියේ ඉපදීම නිසාම අප එම අපරාධ වලට වගකිව යුතු බැවින්ය. සියලුම පුරවැසියන් වෙනුවෙන් ‘සංහිඳියාවේ ප්රකාශණයක්’ කියවා ‘අපට සමාවෙන්න’ යැයි කීමට මේ ජාතියේ නායකයා පාර්ලිමේන්තුවේ නැගී සිටීමට කාලයයි මේ. ඔව්, ඕස්ට්‍රේලියානු ආදිවාසී ජනතාව ඉල්ලා ඇති දේට සමානව අපට ක්ෂමා දිනයක් අවශ්‍යයි. අපගේ අතීතයේ සිදු වූ කුරිරුකම් පිළිගෙන සමාව හා යුක්තිය ලබා ගැනීමට අපට වැඩි කාලයක් ගත වන තරමට, අපි ශිෂ්ට සම්පන්න සහ සමෘද්ධිමත් ජාතියක් ලෙස ඉස්මතු වීමේ ඉලක්කයන් තව තවත් පමා වනු ඇත. ගතවනු ඇත.
අපගේ ම්ලේච්ඡ අතීතය සහ අසාර්ථක පැවැත්ම සම්බන්ධ කරන කදිම උදාහරණයක් මේ කළු ජූලියේ 39 වැනි සංවත්සරයේදී අපේ ඇස් ඉදිරිපිට දිග හැරෙමින් තිබේ. 83 ජූලි මාසයේදී රනිල් වික්‍රමසිංහ අමාත්‍යධූරයක් දැරූ ආණ්ඩුව දෙමළ ජනතාව ආරක්ෂා කිරීම සඳහා ඇඳිරි නීතිය පැනවීමට දින දෙකක් කල් මැරූ අතර සිංහල මැර ප්‍රහාරයට ලක් වූ දෙමළ ජනතාව මුදාගැනීමෙන් වළකින ලෙස හමුදාවට උපදෙස් දී තිබිනි. ඉන් වසර හයකට පසු 1989 දී සිංහල තරුණයන් සිය ගණනක් රඳවාගෙන අවසානයේ ඝාතනය කළ බටලන්ද වධකාගාරයට යාබද ඔහුගේ ආරක්ෂිත නිවසේ සිටිමින් ඔහු විසින් අධීක්ෂණය කළ බවට තොරතුරු ඇත. 2009 යුද්ධයේ අවසන් අදියරේ දී නිරායුධ දෙමළ සිවිල් වැසියන්ට එරෙහිව යුද අපරාධ ලත්, තවත් ගණන් කළ නොහැකි තරම් මූල්‍ය අපරාධවලටත් චෝදනා ලත් රාජපක්ෂ පවුලේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට රනිල් විධායක ජනාධිපති ධුරයට පත් වී ඇත්තේ 2022 ජනතා අරගලය පාවා දෙමින්ය. මේ වසරේ කළු ජූලි සංවත්සරයට දින දෙකකට පෙර රනිල් ගාලු මුවදොර නිරායුධ විරෝධතාකරුවන්ට අමානුෂික ලෙස පහර දෙන ලෙස තම බීමත් කුලී හමුදාවට නියෝග කළේය. රාජ්‍ය අනුග්‍රහය ඇති සමූල ඝාතන වට එකකට නොව දෙකකටත්, එසේම රාජපක්ෂ පවුලේ අපරාධකරුවන් ආරක්ෂා කිරීම ඇතුළු අසංඛ්‍යාත දූෂිත ගණුදෙණු සහ අපරාධවලටත් වග කිව යුතු මෙම උගත් යයි කියන මැරයා ආරක්ෂා කිරීමට ඇතැම් දේශීය මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් සහ ඇතැම් සිවිල් අයිතිවාසිකම් ක්‍රියාකාරීන් කටයුතු කරමින් සිටීම හාස්‍යයට කාරුණකි.
අපරාධ, දූෂණය, අයුක්තිය සහ මානව හිමිකම් මැනීමට ඔබ එකම මිනුම් දණ්ඩක් යොදන්නේ නැති විට, ඔවුන්ට සෑම විටම වැරද්ද නිවැරද්දක් ලෙස නැවත අර්ථනිරූපනය කළ හැකිය. අප මේ අන්ත ප්‍රපාතයට වැටීමට හේතු කාරණා වී ඇත්තේ එයයි. ප්රචණ්ඩත්වයේ, දූෂණයේ, පාවාදීමේ සහ දුප්පත්කමේ මෙම විෂම චක්‍රයෙන් ගැලවීමට නම්, අප අතීතය සමඟ සංහිඳියාව ඇති කර ‘අනෙකා’ සමඟ සංහිඳියාව ඇති කළ යුතුය, මන්ද 83 ජූලි කළු දුම් වලාකුළු තවමත් භයානක ලෙස අපගේ හිසට ඉහළින් තවමත් එල්ලෙමින් තිබේ.
It was 25th July 1983. He was a 13-years-old little boy bearing a Tamil name ending with the letter ‘M’. The CTB bus which took him to the school in the morning moved slowly passing several charcoaled car frames, abandoned at Pamankada junction, still emitting feeble traces of smoke. At Royal College juniors’ playground, his PT teacher said that the Tamils should learn a lesson this time. The other students of the class panned their heads to examine the guilty face of that little boy. He was the only ‘Tamil’ in the Sinhalese class. An hour later, the boy saw a gang of Sinhalese students attacking Tamil students near grade 8 classrooms. There were no teachers around to stop the bashing. Around 11 AM the teachers announced that they are shutting down the school. The little boy came to the bus stop. There were no buses. Then he started trudging alone Reid avenue, passing Colombo University. The boy saw several men setting fire to the front awnings of Shanchi Vihar Restaurant (now Sri Vihar) on Thumumlla junction. Boxes and cases of eggs were scattered in front of Colombo Egg Company outlet on Bullers Road. Then at Bambalapitiya junction, near the Elasto billboard, the boy saw a dark-skinned scrawny Tamil woman carrying a toddler, balancing a huge sack of goods on her head. The boy heard the woman enquiring in her broken Sinhalese that how she could get to Gampaha. Passing the fiercely burning sari shops along Galle road, the boy continued to walk back to his boarding house in Dehiwala unable to eject his memory of the destitute face of that woman. The boy is a man now but he still wonders whether that scrawny woman carrying the toddler was able to reach her destination safely on that day or whether she was amongst the hundreds of other women who were raped and murdered.
That boy was me. Now I am 52. I don’t want any child to see what I have seen on that day. Those dark smoke clouds are still hanging above our heads reminding us the countless murders and massacres by the Sri Lankan Government military forces and the terror groups like LTTE. We must see the blue sky of hope through these dark clouds, and the only way to do so is we tendering an apology to each other, regardless of our involvement in these atrocities because we are responsible simply by being born to this wretched nation. It is time for the leader of this nation to stand up in the Parliament to read out a ‘Declaration of Reconciliation’ on behalf of all citizens and say, ‘We are sorry’. Yes we need a Sorry Day, similar to what the Australian Aboriginal people have asked for. The longer it takes for us to acknowledge the atrocities of our past and seek forgiveness and justice, the longer will it take for us to emerge as a civilised and prosperous nation.
A perfect example which connects our brutal past and the failed presence is unfolding right in front our eyes on this 39th anniversary of Black July. In July 83 Ranil Wickremasinghe was a cabinet Minister in the Government which took two days to impose curfew to protect the Tamils and also instructed the military to stay out of rescuing the Tamils attacked by the Sinhalese mobs. Then six years later in 1989, Ranil said to have overseen the operation of a torture camp adjoining his safe house in Batalanda where hundreds of Sinhalese youths were detained and eventually murdered. Betraying 2022 peoples’ struggle, Ranil has ascended to the Executive Presidency, to protect the interests of Rajapaksa family who have been accused of committing war crimes against unarmed Tamil civilians in the last leg of 2009 war, and countless more financial crimes. Two days before this year’s Black July anniversary, Ranil ordered his drunken troops to brutally assault unarmed protesters at Galle Face. Ironically heads of certain local human rights NGOs and certain civil rights activists are defending this seemingly well-read thug who should be held accountable not for one but two rounds of state sponsored massacres + countless corrupt deals and crimes including protecting the criminals of Rajapaksa family.
When you don’t apply the same yardstick to measure crimes, corruption, injustice and human rights, they can always rearticulate the wrong as right. That is why we have fallen to this misery. For us to escape from this vicious cycle of violence, corruption, betrayal and abject poverty we must reconcile with the past and reconcile with the ‘other’, because the black smoke clouds of 83 July still dangerously hang above our heads.
