මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවරගේ “Neo – Glitch” දෘශ්‍ය කලා ප්‍රදර්ශනය අනිද්දා සිට

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර 2016 වර්ෂයේ දී ආරම්භ කරන ලද වාර්ෂික දෘශ්‍ය කලා ප්‍රදර්ශනය වන “Neo – Glitch” ජූලි මස 24 වන දින සිට අගෝස්තු 23 දක්වා මාසයක කාලයක් පුරා “Saskia Fernando කලා අවකාශයේ” දී සවස 05 සිට රාත්‍රී 08 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතිනවා.

1983 දී එවක පාලක පන්තියේ ද ඍජු මැදිහත් වීමෙන් සිදු වූ ම්ලේච්ඡ කළු ජූලි සිදුවීම් නැවතත් සිහිපත් කරමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය කලාකරුවාගේ අඛණ්ඩ දේශපාලන හා සමාජ මැදිහත්වීම පිළිබඳ අපට අවධාරණය කරනවා.

එම සිදුවීම් මාලාව සිදු වී ආණ්ඩු වෙනස්වීම් හා බලය හුවමාරු වීම් වැනි දේශපාලනික හා සමාජීය වෙනස්කම් රාශියක් සිදුවීමෙන් අනතුරුව පවත්වනු ලබන මෙම ප්‍රදර්ශනය, මෙරට සමාජීය හා දේශපාලනික ගැටළු වල අඛණ්ඩ පැවැත්ම පිළිබිඹු කිරීමට සමත් වන බවයි සඳහන් වන්නේ.

මීට සමගාමීව හෙට (23) සිට මෙම මස 31 දින දක්වා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ.ඩී.ඒ. පෙරේරා කලා අවකාශයේ දී “Hereafter” නමින් දශක පහක් පුරා එම විශ්ව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් නිර්මාණය කරන ලද කලා කෘති ප්‍රදර්ශනයක් හා ඒ හරහා ශ්‍රී ලාංකික සමකාලීන කලාවේ සමාජ-දේශපාලන විඥානයේ වර්ධනය පිළිබඳ කතිකාවතක් ආරම්භ කිරීමට ද කටයුතු සංවිධානය කර ඇති අතර, එමඟින් රජයේ කලා විද්‍යාලය අද පවතින සෞන්දර්ය කලා විශ්ව විදශාලය දක්වා පරිණාමය වීමේ ඉතිහාසය ද සටහන් කරනු ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ නමුත්, තේනුවරගේ කලාකෘති මින් පෙර ලංකාවෙන් පිටත 2023 වර්ෂයේ දී දිල්ලියේ කිරන් නාඩාර් කලා කෞතුකාගාරයේත්, සාජා හි ඉෂාරා කලා පදනමේත් ප්‍රදර්ශනය කර ඇති අතර, 2022 වර්ෂයේ දී ලන්ඩනයේ ෆ්‍රෙයිස් හි දී හා වැනීසියේ යුරෝපීය සංස්කෘතික මධ්‍යස්ථානයේ දී ද ප්‍රදර්ශනය කර තිබෙනවා.

චන්ද්‍රගුප්ත තේනුවර

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading