එමා ෂින්ගේ “Hearts of Absent Women” කෘතිය, ඉතිහාසය පුරාවටම පිළිගැනීමට ලක් නොවූ කාන්තාවන්ට කරන ලද සංවේදී උපහාරයක් සහ ඇයගේ කලා කෘති පිටුපස ඇති යතාර්ථය සියුම්ව හදවත් තුලට කිඳා බසියි. ජපානයේ සාම්ප්‍රදායික කොරියානු පවුලක හැදී වැඩුණු ෂින්ට, අගේ සීයාගේ පැරණි වටිනා පොතක් හමුවේ. එහි ඇගේ සීයාගේ පරම්පරා 32 ක් පුරා පැතිරී ඇති පිරිමි පරම්පරාවන් පමණක් ලැයිස්තුගත කරන පවුල් ගස් පිළිබඳ ලියවී තිබුණු අතර ඇය එහි පීතෘමූලික සිරිත් සැබවින් අත්විඳ ඇත.
නමුත් ඒ පොත පුරාවට ඇතුළත් වූයේ දියණියන්ගේ, කාන්තාවන්ගේ නම් නොව පිරිමි පරම්පරාවේ නම් පමණි. ඇගේ කලාව හරහා, ෂින් නිරන්තරයෙන් කාන්තාවන් සහ ඔවුන්ගේ ඓතිහාසික සැමවිටම කාන්තාවන් සහ ඔවුන්ගේ ඓතිහාසික අත්කම් සැමරීමට උත්සාහ කර ඇත.
“Hearts of Absent Women” හි කලා කෘති වල එම්බ්‍රොයිඩර්, අතින් වියන ලද පටි සහ පැපියර්-මචේ (papier-mâché) වලින් නිර්මාණය කරන ලද හදවත් මූර්ති ඇත. ඒවා නිර්මාණය කරන ලද ස්ථාපන හැඩයක්ද ගනී. මෙම කෘතිවල බොහෝ විට කාන්තාවන්ගේ නිහඬ, තිරය පිටුපස ගෘහස්ථ දායකත්වයන් හඳුනාගෙන ඔවුන්ගේ හැඟීම් නියෝජනය කිරීමට අමතරව, හදවත් කාන්තාවන්ගේ ආරක්ෂාව සඳහා පූජා හෝ ආමුලේට් ලෙසද සේවය කරන බව ගම්‍ය කරවයි.
එමා ෂින් යනු ජපානයේ නීගාටා හි කොරියානු සංක්‍රමණික පවුලක ඉපදී හැදී වැඩුණු නාර්ම්/මෙල්බර්න් පදනම් කරගත් කලාකාරිනියකි. ඇය ටෝකියෝවේ ටමා කලා විශ්ව විද්‍යාලයෙන් මුද්‍රණ කටයුතු හැදෑරූ අතර අයිචි කලා විශ්ව විද්‍යාලයෙන් ලලිත කලා උපාධියක් සම්පූර්ණ කළාය. ඇය ජපානය, කොරියාව, ඕස්ට්‍රේලියාව සහ වෙනත් රටවල ඒක පුද්ගල සහ කණ්ඩායම් ප්‍රදර්ශන රාශියක් පවත්වා ඇත.
ෂින්ගේ කලා කෘති හරහා, විචිත්‍රවත් වර්ණ සහ හැඩතල මිනිසුන්ගේ අවධානය ආකර්ෂණයට පාත්‍ර වන අතර, අප සමාජයේ බොහෝ කාන්තාවන් සහ සුළුතර කණ්ඩායම් මුහුණ දෙන සමාජීය හා දේශපාලනික ගැටළු ගැන සිතීමට ඔවුන්ට අවස්ථාවක් සහ නව සිතීමක් විවර කරවයි. අගේ කළා නිර්මාණ වල තේමාව වන්නේ ස්ත්‍රීත්වය වන අතර, හැඟීම් සහ ස්වයං-ආදරය පිළිබඳ දැනුවත්භාවය ඉදිරිපත් කරන ස්ත්‍රී ශරීරය සහ ශරීරය සකස් වී ඇති ව්‍යුහයයි.
අප සමාජයේ බහුතරයක් ඓතිහාසික පොත් පිරි ඇත්තේ තඩි පිරිමි පරම්පරාවෙන් සහ උන්ම ලියු උන්ගේම වීරකම් මිස දියණියන්ගේ නම් නොව, පිරිමි නම් පමණි…
