ජිමුත් ඉඳුසර රත්නායක
ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් නීති විද්‍යාලයේ සිසුන් අමතමින් පසුගිය දා සිදු කළ දේශනයක දී “නවක වදය” සාධාරණීකරණය කරන අදහසක් ද ඒ මහතා විසින් සඳහන් කර සිටියා.
නීති විද්‍යාලයේ නීති විද්‍යාර්ථයන් අමතමින් සිදුකළ මෙවැනි ප්‍රකාශයක් බරපතල ප්‍රකාශයක් බවට පත්වන්නේ, නීති ක්ෂේත්රයේ වගකිවයුතු ඉහළ නිලධාරියෙකු වශයෙන් ඒ මහතා මෙම සභාව අමතා එම අදහස පළ කරන ලද බැවින් ය.
ඒ අනුව දිලීප පීරිස් මහතා සඳහන් කර සිටියේ, “අපි විශ්වවිද්‍යාලයට ගිය කාලයේ නවක වදයට ලක්වුණා. ඒ මොක ද ? ඒ නරක දේකට නෙවෙයි. අපි ඔක්කොම සම තැනකට ගේන්න” යනුවෙනු යි.
විශ්වවිද්‍යාලවල නවක වදය වැළැක්වීම සඳහා මේ වනවිට සකස් කර තිබෙන මාර්ගෝපදේශ මාලාව තදින් ම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (09) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියම කර තිබෙන අතර, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව මහතා විසින් නවකවදය ඇතුළු සියලු ආකාරයේ හිංසනයන් වැළැක්වීම සඳහා කාර්ය සාධක බළකායක් පත් කිරීමට ද කටයුතු කර ඇති මෙවැනි වකවානුවක නීති ක්ෂේත්රයේ වගකිවයුතු ඉහළ නිලධාරියෙක් වශයෙන් දිලීප පීරිස් මහතා විසින් සිදු කළ මෙම ප්‍රකාශය ප්රශ්නකාරී ස්වභාවයක් ගනු ලබනවා.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවන වසරේ සිසුවෙකු වූ 23 හැවිරිදි චරිත් දිල්ෂාන් දයානන්ද මුහුණ දුන් ඛේදජනක නවක වදය සහ ඉන් අනතුරුව සිදු වූ සිය දිවි නසා ගැනීම හරහා නැවත කරළියට පැමිණි මෙම නවක වද සිද්ධිය සම්බන්ධයෙන්රී ලංකා නීතිඥ සංගමය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් පෙන්වා දී තිබුණේ, නවක වද විරෝධී නීති සහ විශ්ව විද්‍යාල රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, සිසුන් ආරක්ෂා කිරීම සඳහා නිශ්චිත මාර්ගෝපදේශ නියම කිරීම, සෑම සිසුවෙකුටම ගෞරවයෙන් හා ආරක්ෂිතව අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සලසාදීම, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉටුවේයැයි ඔවුන් අපේක්ෂා කරන බවයි.
කෙසේ නමුත් රට තුළ නවක වදය සම්බන්ධයෙන් එවැනි කතාබහක් ගොඩනැංවී ඇති මොහොතක අතිරේක සොලිස්ටර් ජනරාල්වරයාගේ මෙම ප්‍රකාශය වධහිංසනයට හෝ කෲර, අමානුෂික සැලකිල්ලකට භාජනය නොවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් මූලික අයිතිය නැවත වතාවක් ප්‍රශ්න කරනු ලබනවා.
