ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරදා දකුණු අප්‍රිකාව ඉතිහාසයේ පළමු වරට ICC ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනී..

ලෝක ශූර ඕස්ට්‍රේලියාව පරාජය කරමින් දකුණු අප්‍රිකාව අද (14) ඉතිහාසයේ පළමු වරට ICC ටෙස්ට් ලෝක ශූරතාවය දිනා ගනු ලැබුවා. ICC ටෙස්ට් ලෝක කුසලානයේ අවසන් මහා තරඟය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. අභියෝගාත්මක තණතීරුවක ලකුණු 282 ක ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම, ඒඩන් මාක්‍රම්ගේ විශිෂ්ට ශතකය හමුවේ ඕස්ට්‍රේලියාව පාරාජය කරමින් කඩුලු 5 ක තියුණු ජයක් ලබා ගත්හ.
ඒඩන් මාක්‍රම් දක්ෂ ඉනිමක් ක්‍රීඩා කරමින් ලකුණු 136ක් ලබා නොදැවී ක්‍රීඩා කළේය. නායක ටෙම්බා බවුමා තීරණාත්මක සහය භූමිකාවක් ඉටු කළ අතර ලකුණු 66ක් ලබා ගනිමින් ඉතා හොඳ තරඟයක් ලබාදුන් අතර ආරම්භක වියාන් මුල්ඩර් ලකුණු 27ක් සහ රයන් රිකෙල්ටන් ලකුණු 6ක් ලබා ගත්හ. දකුණු අප්‍රිකා ආරම්භක පිතිකරුවන් යුගලයම ඕස්ට්‍රේලියානු වමතින් වේගපන්දු යවන මිචෙල් ස්ටාර්ක්ගේ දක්ෂ පන්දු යැවීමට ගොදුරු විය.

ඕස්ටේලියානු කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 212 ක් ලබා ගත් අතර දකුණු අප්‍රිකාවට සිය පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 138ක් පමණි. ඕස්ට්‍රේලියාව සිය දෙවන ඉනිමේදී ලකුණු 207කට දැවී ගිය අතර ස්ටාර්ක් සටන්කාමී ඉනිමක් දියත් කරමින් ලකුණු 58ක් ලබා ලබා ගත්තා. දකුණු අප්‍රිකාවේ විශිෂ්ට පන්දු යැවීම ලෙස කගිසෝ රබාඩා පන්දු ඕවර් 18ක් යවමින් ලකුණු 59කට කඩුලු 4ක් ද, ලුන්ගි න්ගිඩි කඩුලු 3ක් ද, මාර්කෝ ජැන්සන් සහ වියාන් මුල්ඩර් එක් කඩුල්ල බැගින් ද දවා ගනිමින් ඕස්ට්‍රේලියානු පිතිකරුවන් අසරණ කර තරඟය තම අනසකට නතු කරගැනීමට සමත් විය. තරගයේ වීරයා දකුණු අප්‍රිකාවේ ඒඩන් මාක්‍රම්.

මෙම ජයග්‍රහණය දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරන අතර, දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩාවට ඓතිහාසික සන්ධිස්ථානයක් වේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading