ජිමුත් ඉඳුසර රත්නායක
ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර පැවැත්වෙන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඊයෙ (11) ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී අාරම්භ වුණා. කාසිය වාසිය දිනා පළමුව පන්දු යැවීමට දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමා විසින් තීරණය කිරීමෙන් අනතුරුව පිටියට පිවිසි ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 212කට සීමා කරන්නට දකුණු අප්‍රිකානු පන්දු බල ඇණිය සමත් වුණා.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් කාගිසෝ රබාඩා කඬුලු 05 ක් හා මාර්කෝ ජැන්සන් කඬුලු 03 ක් බිඳ දමමින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු ඉනිම සුනුවිසුණු කළ අතර ඔස්ට්‍රේලියාව වෙනුවෙන් බියෝ වෙබ්ස්ටර් සහ ස්ටීව් ස්මිත් පිළිවෙලින් ලබා ගත් ලකුණු 72 හා 66 හැරුණු කොට අනෙක් කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ගේ බල ඇණිය ඉඩ ලබා දුන්නේ නැහැ.
ඔස්ට්‍රෙලියානු ඉනිම ලකුණු 212කට සීමා වීමෙන් අනතුරුව ජයග්‍රහණයේ බලාපොරොත්තු දල්වා ගනිමින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පළමු කඬුල්ල ලෙස ඒඩන් මාක්රම් ලකුණු නොලබා ම පිටියෙන් ඉවත් කරන්නට මිචෙල් ස්ටාක්ට පළමු පන්දු වාරයේ දී ම හැකිවුණා.
අනතුරුව රයන් රෙකිල්ටන් ද නැවත ක්‍රීඩා ගාරයට හරවා යවන්නට ප්‍රබල පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාක් කටයුතු කළා. පසුව වියාන් මුල්ඩර්ගේ සහ ට්‍රිස්ටන් ස්ටබ්ස්ගේ කඩුලු දඩයම් කරන්නට පැට් කමින්ස් සහ ජෝෂ් හේසල්වුඩ් සමත් වුණේ දකුණු අප්‍රිකා කණ්ඩායම අර්බුදයට යවමින්.
නායක ටෙම්බා බවුමා සහ ඩේවිඩ් බෙනින්හෑම් මේ වන විට කඩුල්ලේ රැඳී සිටින අතර දෙවෙනි දිනය සඳහා තරගය ආරම්භ කරන අද දිනයේ දී දකුණු අප්‍රිකා කණ්ඩායම කඬුලු 4 කට ලකුණු 43 ක් ලබාගනිමින් ඔස්ට්‍රේලියාවට වඩා ලකුණු 169ක් පසුපසින් සිටිනවා.
කෙසේ වෙතත් තරගයේ පළමු දිනය තුළ කඩුලු 14ක් බිඳ වැටීම විශේෂත්වයක් වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම් නායක පැට් කමින්ස් හා මිචෙල් ස්ටාක් ඇතුලු පන්දු බලඇණිය පළමු දිනයේ දී තමා වෙතින් ගිලිහී ගිය ගෞරවය උකහා ගැනීම වෙනුවෙන් අද තරගයට පිවිසීමට නියමිතයි.
