මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව ශ්‍රී ලංකාවට

ජිමුත් ඉඳුසර රත්නායක

තායිලන්තයේ බැංකොක් නුවර පැවති 23 වැනි මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අනු ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ පියුමාල් සිතුම් පත්තුවේආරච්චි ඊයේ රාත්‍රියේ දී (10) සමත් වුණා.

මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලිය පිරිමින් සඳහා වන දීර්ඝ ඉතිහාසයක් සහිත හා ජනප්‍රිය ම නිරූපණ තරගාවලියක් ලෙස සැලකෙන අතර, එය 1993 වර්ෂයේ සිට මේ දක්වා ලෝකයේ ප්‍රමුඛ පෙළේ තරගාවලියක් වශයෙන් සමස්ත ලෝකයේ ම අවධානය දිනාගෙන තිබෙනවා.

වයස අවුරුදු 18 ත් 32 ත් අතර විවාහක හෝ අවිවාහක අඩි 5 යි අඟල් 9 ට වඩා උසින් යුතු විශිෂ්ට සන්නිවේදන කුසලතා, විශිෂ්ට නිරූපණ හැකියාවන් , නිසි ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් හා ප්‍රසන්න චරිතයකින් යුක්ත ලොව පුරා වෙසෙන පිරිමි නිරූපණ ශිල්පීන් වෙත විවෘත මෙම තරගය, අනු තරග ගණනාවකින් ද යුතු වන අතර එවැනි අනු තරගයක් වූ prestigious Swimwear Digital Winner තරගයේ ජය වාර්තා කිරීමට ද පියුමාල් සමත් වී තිබුණා.

මින් පෙර 2017 දී පැවති මෑන් හන්ට් ඉන්ටර්නැෂනල් තරගාවලියේ සිව්වැනියා වශයෙන් ශ්‍රී ලංකාවේ මොහොමඩ් වසීම් තේරී පත් වූ අතර, අවසාන තරගකරුවන් දෙදෙනා සඳහා තේරී පත් වූ ප්‍රථම ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට පියුමාල් ඊයේ දිනයේ දී සමත් වූ අතර පියුමාල් ගේ අවසන් තරගයේ ප්‍රතිවාදියා බවට පත් වූ ප්‍රංශය නියෝජනය කළ ඇඩෝනිස් රෙනෝඩ්, 2025 මෑන්හන්ට් ඉන්ටර්නැෂනල් ශූරතාව දිනාගනු ලැබුවා.

තව ද ජැමෙයිකාවේ රයිම් රයිට් තෙවන ස්ථානයටත්, පිලිපීනයේ ජෝර්දාන් සැන් ජුවාන් සිව්වන ස්ථානයටත්, වියට්නාමයේ ලින් නුයෙන් පස්වන ස්ථානයටත් පිළිවෙළින් තේරී පත් වුණා.

සුදු හම සහිත ලෝක ප්‍රජාව සතු බලය හා සුදු සම සහිත වීම රූපය පිළිබඳ ප්‍රසිද්ධ නිර්ණායකයක් බවට පත් ව තිබීම නම් යුරෝකේන්ද්‍රීයත්වයෙන් මිදී ඒම බලය කළු හම සහිත ලෝක ප්‍රජාව හා ආසියාතිකයන් වෙත තල්ලු වීම නම් දේශපාලනික සත්‍යය මෙම තරගවල ජයග්‍රාහකයන් පිළිබඳ විමසා බැලීමේ දී අපට පෙනී යන අතර එසේ වීම වඩාත් සතුටු විය හැකි ප්‍රවණතාවක් බවත් සඳහන් කිරීම වටිනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading