අප්‍රේල්වල බදු ආදායමේ කැපීපෙනෙන වැඩිවීමක්

2025 මුල් මාස 04 තුළ දී රාජ්‍ය ආදායමෙහි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වනවා.

2024 මුල් මාස තුළ වාර්තා වී තිබෙන රජයේ ආදායම් හා ප්‍රදාන වටිනාකම රු. බිලියන 1,218.07 ක් ලෙසින් වාර්තා වන අතර එය මෙම වසරේ පළමු මාස 04 තුළ දී රු. බිලියන 1,454.67 ක් දක්වා, රු. බිලියන 236.60 කින් වැඩි වී තිබේ. මෙය 19.42%ක වර්ධනයක්.

එහිදී රු. බිලියන 463.19ක බදු ආදායමක් 2025 අප්‍රේල් මාසය තුළ දී පමණක් වාර්තා වීම විශේෂත්වයකි. විශේෂයෙන් එම මාසය තුළ දී වාහන ආනයනය නැවත විවෘත කිරීම හේතුවෙන් මෙලෙස බදු ආදායමේ ඉහළ යාමක් වාර්තා වී තිබෙනවා.

මේ අතර 2025 පළමු මාස 04 අවසානයේ දී ප්‍රාථමික ගිණුමේ ශේෂය රු. බිලියන 532.73 ක ධන අගයයක් වාර්තා කරන අතර සමස්ත අයවැය හිඟය රු. බිලියන 261.61 ක් ලෙසින් සටහන්ව ඇත.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading