කොටස් වෙළඳපලේ දැවැන්ත කඩා වැටිමක්

අද (07) කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල දැවැන්ත පහළ යාමක් දක්නට ලැබුණා. 

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 712.90කින් පහළ ගොස් ඒකක 14,660.45ක් ලෙසින් සටහන් වූ අතර  S&P SL20 මිල දර්ශකය ඒකක 268.51කින් පහළ ගොස් ඒකක 4,264.84ක් ලෙසින් සටහන් විය. 

දිනය තුළ සමාගම් 205ක කොටස් මිල ගණන් පෙර දිනයට සාපේක්ෂව පහළ ගොස් තිබුණු අතර ඒ අතුරින් කොමර්ෂල් බැංකුව, HNB, සම්පත් බැංකුව, මෙල්ස්ටාකෝප් සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට බෙහෙවින් හේතුවිය.

අද පෙරවරුවේ  S&P SL20 දර්ශකය, පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 5%ක ප්‍රමාණයක් ඉක්මවා පහළ ගොස් තිබීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මිනිත්තු 30ක කාලයක් සඳහා අත්හිටුවීමක් ද සිදු විය. 

එම අවස්ථාවේ දී S&P SL20 දර්ශකය 5.30%ක ප්‍රමාණයක් පහළ ගොස් තිබුණි.

අද දින රු. බිලියන 6.47ක, පසුගිය දිනවලට සාපේක්ෂව ඉහළ පිරිවැටුමක් වාර්තා වී තිබීම විශේෂත්වයකි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading