මාරිම්බා කියලා කියන්නේ ඉස්සර මම ආසම කරපු සංගීත කණ්ඩායමක්. ඒක වේදිකාවට ගෙනාපු සවුන්ඩ් එක අස්සේ සාමාන්‍යයෙන් වේදිකාව උඩ නොතිබෙන ශබ්ද තිබුණා. දවසක් මඩකරි වගේ අපි රත්නපුරේ සීවලි පිට්ටනියේ නැටුවා මාරිම්බා සංගීතයට. එදා බ්ලූ ෂැඩෝස් එක්ක මාරිම්බා තමයි අපිව රසවත් කළේ. අපිව දඟරමය ගැස්සීමකින් කුල්මත් කළේ මාරිම්බා. එදා තමයි මම මුලින්ම සංගීත් සිංදු කියනවා ඇහුවේ. සංගීත් එදා නන්දගේ අරලිය ලන්දට සිංදුව ලස්සනට කිව්වා. මම මේ ටික නිකමට වගේ ලිව්වේ චාමර රණවක ගැන ලියන්න.
චාමර රණවක කියන ගායකයා ගැන මට මුලින්ම ලියන්න හිතුනේ ටෝක් විත් චතුර කියන වැඩසටහනට චාමර ආපු වෙලාවේ. එදා ඌ කතාකරපු දේවල් එක්ක ලියන්න හිතුනත් ලියන්න බැරිවුණා. මෙන්න මූ ආයෙත් මාධ්‍යට සම්මුඛ වෙලා. අහම්බෙන් දැක්කා කැළුම් ශ්‍රීමල් එක්ක කයියක් ගහනවා. මෙදාපාරනම් ලියනවා කියලා හිත හිතා හිටියා. කීප පාරක් ඒ සූස්ති අරක්කු මිශ්‍ර සොමි සංවාදය ඇහුවා. ඒ අස්සේ තමයි ෆේස්බුක් එකේ මේ කමෙන්ට් එක.දැක්කේ.
‘”මට මේක එක්ක මතක් උනා, “ටොම් පෙට්” කියපු මරු කතාවක්. ඒ “කර්ට් කොබින්” ගැන. ඉස්සර, rock වල රජ වෙලා හිටියේ, කොන්ඩ කුරුල්ලෝ, කර්ට්, ඇවිත් උන් ඉවර කරලා දැම්මා කියලා, tom petty කියනවා. ![]()
මේ කමෙන්ට් එක මම ටක් ගාලා සේව් කරගත්තා. සමාවෙන්න ඕනී මේ කමෙන්ට් එක ලියපු හාදයාගේ නම නම් මතක නෑ. කර්ට් කෝබියන් කියලා කියන්නේ මම ආසම බටහිර ගායකයා කිව්වොත් හරී. ඌ කියපු සිංදුවල වචන මට හරියට තේරුනේ නැතත් මට උගේ සවුන්ඩ් එක තේරෙනවා. ඒක බොක්කමට වදිනවා. ඇත්තටම කිව්වොත් උගේ සවුන්ඩ් එක විතරක් නෙවෙයි ඌ ස්ටේජ් එක උඩට පාත්වුණාම දෙන ආතල් එකම අපිව පිනවනවා. ඒක අපිට තේරෙනවා. ස්ටේජ් එකෙන් බැහැලා ඌ දොඩවන ඒවත් ඒවගේම තමයි ඒවා අර ස්ටේජ් එක උඩට වැටෙනකොට එන ආවේශයෙන් ගැළවෙන්නේ නෑ. වියැකෙන්නේ නෑ. ඒ හින්දා මට ඌ පට්ටම රහයි. කේට් අවුරුදු 27න් මැරෙනවා. ඒ මැරෙන එකත් මම විඳිනව. ඒකත් අර ආතල් එකේම කෑල්ලක්. මම විතරක් නෙවෙයි ලෝකේ ගොඩක් එවුන් ඒ මරණය ඇගට ගන්නවා ආතල් එකක් විදිහට. ඌ ගැන කෙරුණ ෆිල්ම් මම බලනවා. හොය හොයා බලනවා. නොසන්සිදෙන අනුරාගයක් මට ඌ ගැන තියෙන්නේ. ඊළඟට බී බී කින්ග් ඌත් එහෙමයි. ඒක වෙන සොමියක්.
2003 කොළඹ ආවාට පස්සේ මම Anura Ekanayka අපි එකට ඉන්න කාලේ අපි ඔය එක එක වරිගයේ බටහිර ගීත අහන්න උනා. Neville Uditha Weerasinghe වගේ සොමි පොරවල් අපිට ඒ සිංදු ගැන ටියුෂන් පවා දුන්නා. ඌට ඒවා අද මතක ද දන්නේ නෑ. ජෝන් ලෙනන්ගෙන් මහිතේ පටන් ගත්තේ.
එහෙම සොමි කංසා කෝරෙක්ස් කාලයක තමයි 2006 දී ලාස්ට් ඩේස් කියන ෆිල්ම් එක අහුවෙන්නේ. ඒක කළේ ගස් වැන් සැන්ට් කියන බුවා. හොලිවුඩ් හිටියට ඊට වෙනස් චිත්‍රපටි කරපු හාදයෙක් මිනිහා. ඉතිං බොලිවුඩ් එකෙන් ඩීවීඩි එක ගෙනල්ලා තමයි මේ ෆිල්ම් එක බැලුවේ. අන්තිමට චාපයියයි වංගීසයයි දෙන්නා මේ ෆිල්ම් එක අරගෙන ගියා තවම ගෙනත් දුන්නේ නෑ. තව තිලිණ කියලා නිර්වාන කියලා පච්චයක් ගහපු මිත්‍රයෙක් හිටියා ඌත් කෝබියන් ප්‍රේමියෙක් ඌත් දැක්කේ නෑ අවුරුදු දාහකින් විතර. එහෙම පටන්ගත්ත කෝබියන් ආදරය මේ කමෙන්ට් එක කියෙව්වට පස්සේ චාමරමය ආදරයක් එක්ක මිශ්රවෙලා. සූස්තියක් ගහන්නම හිතෙනවා..!
ඊටපස්සේ සැල්වදෝර් ඩාලි කියන දියවෙලා වැටෙන ඔරලෝසු ඇන්ද චිත්‍රකාරයාගේ ඉන්ටර්වීව් වගේ තමයි මේ යකාගේ සම්මුඛ වීමුත්. කවුරුහරි කියන්න පුළුවන් චිත්රලෝකේ රජෙක් කොහොමද හුත්තෝ චාමරයට ඉස්සරැහින් හිටවන්නේ කියලා. නෑ මුන් අපිට දෙන වයිබ් එක අපිට දනවන හැඟීම එකයි කියලයි මට හිතෙන්නේ. සම්මුඛ සාකච්ඡාවලට ඇවිත් එහෙම ආතල් දෙන පොරවල් අඩුයි. ඇත්තෙම නෑ වගේ. කැමරාවක් ඉස්සරහට ගියාම ගොඩක් එවුන් බලන්නාට දපනේ වැටිලා තමයි කතාකරන්නේ. ඒත් මුන් තුන්දෙනාම එහෙම නෑ.
හරි ආයේ චාමරට ආවොත් මම මුලින්ම මූව ඇහුවේ ගෙදර ඉන්න කාලේ චමිල කියන මගේ ගමේ යාළුවා නිසා. ඌ තමයි මුගේ සීඩී එකක් මුලින්ම ගමට ගෙනාවේ. අපි දෙන්නා ඔය ගඟේ පතල්වලට ගිහිං කුඩු දලන් අරං බිස්නස් කරන්න පටන් ගත්ත කාලේ. ඒ බිස්නස් එක දවස් දෙකෙන් ඉවරවුණා. හැබැයි ඒ කාලේ ගෙනාව මේ සීඩී එකේ තිබ්බ වෙරළු ගෙඩි පැහෙන කාලේ ආතල් එක අපිට මාරට අල්ලලා ගියා. බ්ලූ ෆිල්ම් සීඩී විතරක් හොරාට හොරාට ටවුන් එකෙන් ගේන අපි සිංදු සීඩී ගේන්න පටන් ගත්තා. ඒක මරු.
චාමර ශ්‍රීමාල් සංවාදයේ එක තැනක චාමර මෙහෙම කියනවා – මගේ සිංදු චැනල්වල යන්නේ නෑ මම දෙන්නෙත් නෑ. මම විෂුවල් කරන්නෙත් නෑ. හැබැයි ඉතිං මිනිස්සු මට ආදරෙයි – කියලා. තව තැනක ඌ මෙහෙම කියනවා – අම්මපා අයියේ කොල්ලන්ගෙන් තමයි බේරෙන්නම බැරි. මම කෙල්ලෙක් වෙලා හිටියනම් මෙලහකට ඒඩ්ස් හැදිලා- කියලා. චාමර වීරසිංහ අසනීපයෙන් ඉන්න කාලේ ඒ රෝහලේ කාර්යමණ්ඩලයට මාර වධයක් විඳින්න උනා කියලා කියනවා. ඒ චාමරගේ රසිකයෝ නිසා. මෙන්න මෙහෙම පිස්සු හැදෙන රසික සනුහරයක් තමයි චාමරල දෙන්නටම ඉන්නේ. ඇත්තටම කිව්වොත් ඔය කොන්ඩ කුරුල්ලන්ට වඩා ඇත්ත තරු තමයි මුන්.
චාමර අපිට දරාගන්න බැරි සැහැල්ලුවක් ගෙනල්ලා අපි ඉස්සරහා අතාරිනවා.
ඌ එක තැනක මෙහෙම කියනවා – අපිට ඉස්සර රෙන්න ලැට් එකක් තිබුණේ නෑ. තාත්තයි මායි රැල්ලට ගියා. අම්මා වැල්ලේ කක්කා දානකම් මම රෙද්දක් අල්ලගෙන හිටියා. ඒ කේන්තියටම මම ගෙදර ටොයිලට් පහක් හදලා එකක් ඒසී කළා- මේක කෙනෙක්ට විකාරයක් වෙන්න පුළුවන් හැබැයි චාමරගෙ මුලු චිත්‍රය උඩින් මේක තිබ්බාම මට ඒක මාර ආතල් එකක්. එහෙම මිනිස්සු දුරාවාරෙට ලෝකේ ඉන්නවා.
චාමර තවත් තැනක මෙහෙම කියනවා – මට ගායකයෝ අතරේ එක යාළුවෙක් වත් නෑ අයියේ. බොන්න කන්න කස්ටිය ඉන්නවා. හැබැයි දුකක් කියන්න හැඟීමක් බෙදාගන්න යාළුවෙක් නෑ. එතකොට ශ්‍රීමාල් කියනවා මටත් එහෙම අයනම් මගේ ෆීල්ඩ් එකේ නෑ කියලා. එතකොට මූ කියනවා ෂා එහෙනම් ඔයත් මාර පොරක් කියලා.- මේකත් මට මාර විදිහට අල්ලලා ගිය කතාවක්. ඒකෙන් පේනවා තනි මිනිහෙක්ගේ ආතල් එක. සොමිය.
චාමර අතහැරීම ගැන කියනකොට වෙඩින් වල බජව්වලට ගිය කොල්ලා ජීවිතේ අල්ලගත්ත හැටි ගැන අපිට පේන්න ගන්නවා. ඌ ඒවා කිසිම වාරණයක් නැතිව උතුරලා ගලන්න ඉඩ දෙනවා. සමහර විට ඇගට අරගෙන තියෙන මාත්‍රාව නිසාද කියන්න මම දන්නේ නෑ. හැබැයි ඒක මාර සොමියක්. ඒ ලල් එකට ශ්රීමාල්ගෙනුත් කිසිම බාධාවක් නෑ. ඒ බාධා නොකරසිටීම නිසාම මාර ආතල් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා මේ සම්මුඛ වීමෙන්.
සබන් පෙන වගේ තරු අස්සේ පොළවට කඩාගෙන වැටුණ තරු ඉන්නවා. මට හිතෙන්නේ චාමර කියන්නේ එහෙම එකෙක්. ඒ නිසාම ඌට රසිකයෝ ඉන්නවා පැලෙන්න. ඒනිසා සමහර ප්‍රසංග ඉවරවෙලා පැනලා දුවන්න වෙනවා. නැත්තං බේරිල්ලක් නෑ. ඒක මරලා කන්න පුළුවන් ආදරයක්. එහෙම ආදරේකට ලක්වෙලා මෙහෙම ගෙදරට වෙලා පන්සලට ගිහිං ඉන්න එකත් වෙනම කතාවක්.
එක තැනක ඌ මෙහෙම කියනවා – අනේ අයියේ සමහරු කියනවා මෙහෙම – ඔයා මැරුණත් ඔයාගේ සිංදු අපිට හැමදාම තියෙනවානේ. මම මැරුණට පස්සේ මොකටද බන් මගේ සිංදුව. මුන්ට ට්‍රැක් බන්…!
කොහොම වුණත් චාමරට හොඳටම ට්‍රැක් කියලා තමයි පේන්නේ. ඒ නිසා තමයි පිස්සු හැදෙන දරාගන්න බැරි සැහැල්ලුවක් එක්ක වරාමල් වගේ පාවෙන පදවැල් උගෙන් එළියට එන්නේ. ඒවා පනගහලා උගෙන් නැගිටලා ඇවිදින්නේ. ඌ ගොඩාක් තැනක කියනවා ඉගනගත්තේ නෑ කියලා. ඔව් හොඳයි බන්. ඉගන ගත්තානම් බර වචනනේ එන්නේ. එහෙම උනානම් ඔය සැහැල්ලුව අපිට නැතිවෙයි. එහෙම එවුනුත් මේ ලෝකේ ඉන්න ඕනෑ. නැත්තං මේක අපායක් වෙනවා..!
