කිරන් රාව්ගේ “ලාපටා ලේඩීස්” චිත්‍රපටය 2025 ඔස්කාර් සම්මාන සඳහා ඉන්දිය නියෝජනයක් ලෙස ඔස්කාර් උළෙලට යැවීමට තෝරාගෙන ඇති බව ඉන්දීය Film Federation of India (FFI) විසින් සැප්තැම්බර් 23 වන දින නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
Jio Studios, Aamir Khan Productions සහ Kindling Pictures විසින් නිෂ්පාදනය කළ ලාපටා ලේඩීස් චිත්‍රපටය 2023 වසරේදි ටොරොන්ටෝ ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී ලෝක තිරගත විය. එය 2024 මාර්තු මාසයේදී ඉන්දියානු සිනමාහල්වල මුදාහැරුණු අතර, මේ වන විට Netflix OTP වෙබ් අඩවියේද නැරඹිය හැකිය.
