ඔලිම්පික් කාන්තා බොක්සිං ඉසව්වේ මතභේදාත්මක සිද්ධියක්

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ඊයේ (01) දිනයේ පැවති කාන්තා බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේදී මතභේදාත්මක සිද්ධියක් ඇතිවූණා.

ඒ කාන්තා බොක්සිං ඉසව්ව සඳහා ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි ප්‍රමාණයේ කාන්තාවක් ක්‍රීඩා කිරීම නිසාවෙන්.

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ 6වන දිනය වූ ඊයේ දිනයේදී බොක්සිං ඉසව්වේ අවසන් 16 දෙනාගේ වටයේ තරගයක් පැවැත් වුණු අතර ඒ ඉතාලි බොක්සිං ක්‍රීඩිකා ඇන්ජෙලා කරීනි සහ ඇල්ජීරියාවේ ඉමානේ කලීෆ් අතරයි.

කලීෆ් සමග ඇන්ජෙලා කරීනි අතර තරගය පැවැත්වූයේ තප්පර 46ක් වැනි කෙටි කාලයක් පමණි.

කලීෆ් යනු උපතින්ම ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් මට්ටම වැඩි කාන්තාවක්.

තරගයෙන් පසු කරීනි සඳහන් කළේ, “මම කවදාවත් ඒ වගේ පහරවල් වලට මුහුණ දීලා නෑ. මේ සිදුවීම ඔලිම්පික් විනිසුරු මඩුල්ලට භාරයි. මගේ ජීවිතය බේරාගැනීමට අවශ්‍ය බැවින් මම ඔලිම්පික් තරගය නතර කළා.”යනුවෙනි.

මේ සමග කලීෆ් කාන්තා අංශය නියෝජනය කරමින් බොක්සිං ඉසව්ව නියෝජනය කිරීම සම්බන්ධයෙන් මුළු ලෝකයේම කතාබහක් නිර්මාණය වී තිබෙනවා.

ස්ත්‍රී පුරුෂ භාවය තහවුරු කිරීම සඳහා සිදු කරන ලද ටෙස්ටෙස්ටරෝන් පරීක්ෂණ අසමත් වීම හේතුවෙන් පසුගිය වසරේ පැවති ලෝක ශූරතාව තරගාවලියෙන්ද කලීෆ්ව ඉවත් කර තිබුණා.

මෙම සිද්ධිය සමඟින් ප්‍රසිද්ධ ගත්කතුවරියක් වන ජේ. කේ. රෝලින්ග්, එංගලන්තයේ හිටපු අගමැතිවරියක් ඇතුළු බොහෝ පිරිසක් කලීෆ් කාන්තා අංශය නියෝජනය කිරීම සම්බන්ධයෙන් එක්ස් පණිවිඩ නිකුත් කරමින් සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබු බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

නමුත් ඉමානේ සංක්‍රාන්තික ලිංගිකයෙක් නොව, ඇයගේ ශරීරයේ ටෙස්ටෙස්ටරෝන් ප්‍රමාණය ඉහළ මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මේ සම්බන්ධයෙන් ඉමානේ කලීෆ් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමද විශේෂත්වයක්.

අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබු කලීෆ්, එම වටයේදී හංගේරියා ක්‍රීඩිකාවක් සමග තරග වැදීමට නියමිතයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading