පරාජයේ වඟකිම භාරගන්නවා-වනිඳු

ශ්‍රී ලංකාව 2024 T20 ලෝක කුසලානයට සමුදෙන මොහොතේ කණ්ඩායමේ නායක වනිඳු හසරංග පරාජය හමුවේ වගවීමේ වැදගත්කම අවධාරණය කළා.

තරඟාවලියේ අවසන් තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හසරංග ප්‍රකාශ කළේ තරඟ පරාජයෙන් පසු තණතීරුවට හෝ වෙනත් කරුණුවලට දොස් පැවරීම පහසු වුවත් ක්‍රීඩකයන් වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් ලෙස ඒ සඳහා අනුගත විය යුතු බවයි.

“මුලින්ම මම කිව යුතුයි අපේ ක්‍රියාකලාපය ගැන අපි ඇත්තටම කණගාටු වෙනවා. කණ්ඩායමක් විදියට අපි අපේ කණ්ඩායමේ හැකියාවන් දන්නවා, නමුත් අවාසනාවකට පළමු තරග දෙකේදී අපි හොඳ දස්කම් දැක්වුයේ නැහැ. අපි මේ තරගය දිනුවත් දැන් ප්‍රතිඵලය වෙනස් කරන්න ප්‍රමාද වැඩියි.පසුගිය ලෝක කුසලාන තරඟාවලියේ සහ මෙම තරඟාවලියේ දී අපි අපේ වැරදි ගැන කතා කළා, නමුත් අපි තවමත් වැරදි නිවැරදි කරගෙන නැහැ ” යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් පැවසීය.තරග පැරදුණාට පස්සේ අපිට තණතීරුව සහ තවත් බොහෝ කරුණු වලට දොස් කියන්න පුළුවන්. මම හිතන්නේ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයන් විදියට එහෙම කරන එක හොඳ දෙයක් නෙවෙයි. ප්‍රතිවාදී කණ්ඩායම එකම තණතීරුවක ක්‍රීඩා කරන නිසා අපි එය නිදහසට කරුණක් කර නොගත යුතුයි. අපි අනුගත විය යුතුයි.නායකයා ලෙස මම කණ්ඩායමත් සමඟ මෙම පරාජයේ සම්පූර්ණ වගකීම භාර ගන්නවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading