මහ බැංකුව තවත් ඩොලර් මිලට අරන්

2024 අප්‍රේල් මාසය තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 469.5 ක් මිල දී ගෙන ඇති බව අනාවරණය වනවා.

මේ අතර ඩොලර් මිලියන 50 ක ප්‍රමාණයක් විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කිරීමට ද අප්‍රේල් මාසය තුළ දී මහ බැංකුව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ශුද්ධ වශයෙන් 2024 අප්‍රේල් මාසය තුළ දී මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 419.5 ක්.

මීට පෙර 2024 ජනවාරි මාසය තුළ දී ඩොලර් මිලියන 245.3 ක්, පෙබරවාරි මාසය තු ළදී ඩොලර් මිලියන 248.5ක් හා මාර්තු මාසය තුළ දී ඩොලර් මිලියන 715.1 ක් වශයෙන් විනිමය මිලට ගැනීමට මහ බැංකුව පියවර ගෙන තිබුණා.

එම වකවානුව තුළ දී ඩොලර් විකිණීම් පෙබරවාරි මාසය තුළ දී පමණක් වාර්තා වන අතර එම වටිනාකම ඩොලර් මිලියන 9 ක්.

මේ අනුව 2024 මුල් මාස 04 තුළ දී සමස්තයක් ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 1,619.4 ක් හෙවත් ඩොලර් බිලියන 1.61 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන තිබෙනවා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading