ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (08) දිනයේ ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව, අද දිනයේ මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙළින් රු. 293.46 දක්වාත් රු. 303.39 දක්වාත් අඩු වී තිබෙනවා.
එමෙන්ම, කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 293.47 සිට රු. 292.98 දක්වාත් විකුණුම් මිල රු.302.75 සිට රු. 302.25 දක්වාත් අඩු වීමක් පෙන්නුම් කරනවා.
මේ අතර, සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 294.25 දක්වාත් විකුණුම් මිල රු. 303.25 දක්වාත් අඩු වී තිබෙනවා.
NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රු. 291.85 ක් වන අතර, විකුණුම් මිල රු. 302.85ක් වනවා.
