ටවුහිඩ්ට ICCයෙන් දඩයක්

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ටවුහිඩ් රිඩෝයි හට දඩ මුදලක් නියම කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තුන්වන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී අශෝභන ලෙස හැසිරීම සම්බන්ධයෙන්.

තරග මුදලින් සියයට 15ක දඩ මුදලක් ඔහුගෙන් අයකරගැනීමට මෙහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර සිය පළමු පන්දුවාරයේදීම කඩුලු ත්‍රිත්වයක් දවාගැනීමට සමත්වුණා.

එම කඩුලු ත්‍රිත්වයේ දෙවන කඩුල්ල ලෙස ටවුහිඩ් රිඩෝයි දැවී යාමෙන් අනතුරුව ඔහු විසින් අශෝභන ලෙස හැසිරෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading