ඔස්කාර් හි ආධිපත්‍යය පැතිරු ඕපන්හයිමර්

2024 ඔස්කාර් සම්මාන රාත්‍රිය එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි රඟහලේදී මේ වන විට පැවැත්වෙනවා.

එහිදී සම්මාන 07ක් දිනා ගැනිමට ක්‍රිස්ටෝෆර් නෝලන් අධ්‍යක්ෂණය කළ ඕපන්හයිමර් චිත්‍රපටය සමත් වුණා.

මෙවර සම්මාන 13ක් සඳහා ඕපන්හයිමර් නිර්දේශ වි තිබුණා.

පරමාණු බෝම්බය නිර්මාණය කිරීමේදී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයා ගැන කියැවෙන ක්‍රිස්ටෝෆර් නෝලන්ගේ ඕපන්හයිමර් චිත්‍රපටය හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වු අතර සම්මාන උළෙලේ හොඳ ම අධ්‍යක්ෂවරයා ලෙසද ක්‍රිස්ටෝපර් නෝලන් සම්මානයට පාත්‍රවි තිබෙනවා.

96 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳ ම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ඕපන්හයිමර් චරිතයට පණ පෙවූ කිලියන් මර්ෆි.

හොඳ ම නිළියට හිමි ඇකඩමි සම්මානය මෙවර දිනා ගත්තේ පුවර් තින්ග්ස් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන බෙලා බැක්ස්ටර්ගේ චරිතයට පණ පෙවූ එමා ස්ටෝන් .

හොඳ ම සහය නළුවාට හිමි සම්මානයෙන් මෙවර පිදුම් ලැබුවේ ඕපන්හයිමර් චිත්‍රපටයේ රොබට් ඩව්නි ජූනියර් ටයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading