T20 තරගාවලි ජය ලංකාවට

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැති තුන්වන 20-20 තරගය ලකුණු 28කින් ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය 2ට 1ක් ලෙස අද (09) ජය හිමිකර ගත්තා.

කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයාගේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් දැවී ලකුණු 174ක් රැස් කිරීමට සමත්වුණා.

සිය 20-20 ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් පන්දු 55කදී ලකුණු 86ක් රැස් කළේ හයේ පහර 6ක් සහ හතරේ පහර 6ක් සමගින්.

නායක වනිඳු හසරංග ලකුණු 15ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 19ක් රැස් කළා.

ලකුණු 175ක ඉලක්යක් හඹාගිය බංග්ලාදේශ පිලේ මුල් කඩුලු 4 ලකුණු 15ක් තුළ දවා ගැනිමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත්වුණා.

නුවන් තුෂාර අද තරගයේදී කඩුලු ත්‍රිත්වයක් වාර්තා කළ අතර ඔහු වාර්තා අතර එක් වුණේ 20-20 තරගයකදී කඩුල ත්‍රිත්වයක් දවා ගත් පස්වන ශ්‍රී ලංකා පන්දු යවන්නා ලෙසයි.

ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 19 පන්දු 04ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කරගැනීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading